බරවීම්

පරිවර්තන [12]

අභිභුත ථෙර ගාථා

“යම්තාක් මෙහි රැස්වූ සියලු ඥාතීහු අසව්. තොපට ධර්මය දෙසන්නෙමි. නැවත නැවත ඉපදීම දුක්වෙයි.

“බුද්ධශාසනයෙහි ප්‍රථම වීර්යය කරව්. ඉන්වඩාත් වීර්ය කරව්. ශ්‍රෙෂ්ඨශීල ශ්‍රෙෂ්ඨ ශික්ෂාවෙහි යෙදෙව්. ඇතා හුණවනයක් මෙන් මාරසේනාව කම්පා කරව්.

“යමෙක් මේ ධර්ම විනයෙහි අප්‍රමාදව වසන්නේද උත්පත්තිය නමැති සසර හැර දුක්කෙළවර කරන්නේය.”

ආයුෂ්මත් අභිභුත තෙර මේ ගාථා මෙසේ කීයේය.

විවරණ [0]