බරවීම්

පරිවර්තන [11]

අංගාණික භාරද්වාජ ථෙර ගාථා

“නුවණ නැතිව පිරිසිදුකම බලාපොරොත්තුවෙන් වනයෙහි ගිනි දෙවියා පිදීමි. නිවණට මග නොදන්නේ ශරීරයට දුක්දීම කෙළෙමි.

“ඒ නිවන් සැප මම ශරීරයට දුක්නොදී සුවසේ ලබාගතිමි. ධර්මයේ යහපත් බව බලන්න. ත්‍රිවිද්‍යාවන්ට ක්‍රමයෙන් පැමුණුනෙමි. බුදුන්ගේ අවවාදය කරණ ලදී.

“ජාති මාත්‍රයෙන් බ්‍රහ්මයයි කියන බ්‍රහ්ම බන්ධුවූයෙමි. දැන් පරමාර්ථ බ්‍රාහ්මණයෙක්වීමි. ත්‍රිවිද්‍යා ඇත්තෙකු වී දැන් පරමාර්ථ වශයෙන් ත්‍රිවිද්‍යා ඇත්තෙක්වීමි. සංඥා මාත්‍රයෙන් නෑවාවූ කෙනෙක් වී දැන් පරමාර්ථයෙන් නෑවෙක්වීමි. දැන් පරමාර්ථවේද දත් සොත්ථි’‘ (බ්‍රාහ්මණයෙක්) වීමි.”

ආයුෂ්මත් අංගාණික භාරද්වාජ තෙමේ මේ ගාථා කීයේය.

විවරණ [2]