බරවීම්

පරිවර්තන [11]

වාරණ ථෙර ගාථා

“මේ ලොකයෙහි මනුෂ්‍යයන් අතුරෙහි යම් කෙනෙක් සතුන් මරාද මෙලොවින්ද පරලොවින්ද යන දෙලොවින් ඒ මනුෂ්‍යතෙමේ පිරිහෙයි.

“මෛත්‍රී සිතින් යම් කෙනෙක් සියලු ප්‍රාණීන්ට අනුකම්පාකරයිද, ඒ කරණකොටගෙන එබඳු මනුෂ්‍යතෙම බොහෝ පින් රැස්කරයි.

“සුභාෂිතයෙහිත්, ශ්‍රමණයන් ආශ්‍රය කිරීමෙහිත්, තනිව එක ආසනයෙහි සිටීමේත්, සිත සංසිඳවීමෙත් හික්මෙව්.”

ආයුෂ්මත් වාරණ තෙර මෙසේ මේ ගාථා කීයේය.

විවරණ [1]