බරවීම්

පරිවර්තන [11]

නාගසමාල ථෙර ගාථා

“අලංකාරවූ යහපත්ව ඇන්දාවූ මල් දරණ සඳුන් ගෑ ශරීර ඇති නැටුම් දත් ස්ත්‍රියක් තූර්ය ගසන කල මහමග මැද නටයි.

“මම පිඬු පිණිස හැසිරෙන්නේ අලංකාරවූ යහපත්ව ඇන්දාවූ දමන ලද මරු තොණ්ඩුවක් වැනි ඈ දුටුවෙමි.

“ඉක්බිති මාගේ මනසට සිතිවිල්ලක් පහළ විය. දොස් දැක්ම පහළ විය. කළකිරීම පැමිණ සිටියේය.

“ඉක්බිති මාගේ සිත කෙලෙසුන්ගෙන් මිදුණේය. ධර්මයෙහි යහපත් බව බලව. ත්‍රිවිද්‍යාවන්ට පැමුණුනෙමි. බුදුන්ගේ අනුශාසනය කරණ ලදී.”

ආයුෂ්මත් නාගසමාල තෙර මෙසේ මේ ගාථා කීයේය.

විවරණ [0]