බරවීම්

පරිවර්තන [11]

චන්දන ථෙර ගාථා

“රනින් වැසුණු ආභරණ පැළඳි දාසී සමූහයා විසින් පෙරටු කරණ ලද්දේ, පුත්‍රයා ඇකයෙන් ගෙන භාර්යාව මාවෙත පැමිණියාය,

“අලංකාරවූ යහපත්ව ඇන්දාවූ දැමූ මරු පාසයක් වැනි තම පුත්‍රයාගේ මව දැක

“ඉක්බිති මට නුවණින් යුතු සිතක් උපන්නේය. දොෂය පෙනුණේය. කලකිරීම එළඹ සිටියේය.

“ඉක්බිති සිත කෙලෙසුන්ගෙන් මිදුනේය. ධර්මයෙහි යහපත් බව බලව. ත්‍රිවිද්‍යාවට පැමිණියෙමි. බුදුන්ගේ අවවාදය කරණලදී.

ආයුෂ්මත් චන්දන තෙර මෙසේ මේ ගාථා කීයේය.

විවරණ [1]