බරවීම්

පරිවර්තන [11]

සොණකුටිකණ්ණ ථෙර ගාථා

“මා විසින් උපසම්පදාව ලද්දේය. කෙලෙස් මිදීමෙන් මිදුනෙමි. කාමාශාදියෙන් තොරවූවෙමි. ඒ මා විසින් නුදුටු බුදුහු දක්නා ලදී විහාරයෙහි එකට විසීමි.

“භාග්‍යවතුන් වහන්සේ රාත්‍රියෙන් වැඩිහරියක් එලිමහනෙහි විසූසේක. විසීම්වල දක්ෂ බුදුහු ඊට පසු ගඳකිළියට ඇතුල්වූහ.

“නැති කළ බිය හා භයානක අරමුණු ඇති බුදුහු සඟල සිවුර අතුරා ගල්ගුහාවක සිංහයකු මෙන් සයනය කළ සේක.

“යහපත් වචන ඇති බුද්ධ ශ්‍රාවකවූ සොණතෙමේ බුදුරජාණන් වහන්සේ සමීපයෙහි සද්ධර්මය කීයේය.

“ස්කන්ධ පඤ්චකය දැන මාර්ග වඩා පරම ශාන්තියට පැමිණ කෙළෙස් රහිතව පිරිනිවන් පාත්.”

ආයුෂ්මත් සොණ කුටි කණ්ණ තෙරණුවෝ මේ ගාථා මෙසේ කීහ.

විවරණ [1]