බරවීම්

පරිවර්තන [14]

සුමන ථෙර ගාථා

“යම් කලෙක්හි සත් හැවිරිදි වයස් ඇති අළුත් පැවිද්දෙක්ව ඉර්ධි උපදවා බල සම්පන්න නාග රාජයෙකු දමනය කොට

“අනොතත්ත විලින් ජලය රැගෙණ උපාධ්‍යායන් වහන්සේට දුනිමි. ඒ දැක බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළසේක.

“සාරිපුත්‍රය, අග්‍රඵල සමාපත්තියෙන් සිත තැන්පත් කළාවූ දිය කළයක් රැගෙන එන කුමාරයා බලව.

“බලන්නවුන්ට ප්‍රශාදය ඇතිකරන ආචාරවතින්ද යහපත් ඉරියව්වෙන්ද, අනුරුද්ධ ස්ථවිරයන් වැනි විශාරද ඉර්ධියෙන්ද යුක්තවූ සාමණේරයෙක්වේද, හෙතෙම

[“උත්පත්තියෙන් සත් අවුරුදු වයස් ඇති අළුත් පැවිද්දෙක්ව ඉර්ධි බලයෙන් බලසම්පන්නවූ නාගරාජයෙකු පරදවා ජයගෙණ ]

“ශ්‍රෙෂ්ඨ පුරුෂයෙකු වශයෙන් උත්තමවූයේ යහපත් බවට පැමිණියේ හික්මුණේ කළ කටයුතු ඇති අනුරුද්ධ ස්ථවිරයන් විසින් හික්මවන ලද්දේ හෙතෙම,

“චිත්ත විමුක්තිය උත්තමකොට ඇති පරම ශාන්ති සැපයට පැමිණි ඒ සුමන සාමණෙර නම්වූ මම රහත් කෙනෙක් හැටියට කිසිවෙක් දැනගනුවයි නොසිතුවෙමි.”

... සුමනො ථෙරො....

විවරණ [1]