බරවීම්

පරිවර්තන [13]

තෙකිච්ඡකානි ථෙර ගාථා

“වී හාල් ආදී ධාන්‍ය වර්ග ගෙවලත් ගම්වලත් පිරී ඇති කල්හි භික්ෂා මාත්‍රයක් නොමලදිමි, ඒ මම කෙසේ කෘෂිකර්මයෙහි යෙදෙම්ද?

“අපරිමාණ ගුණ ඇති බුද්ධ, ධර්ම, සංඝ යන තෙරුවන් සිහිකර පැහැදුනේ උසස් ප්‍රීතියෙන් යුක්තව සාපිපාසා දෙකින් නොමඩනා ලදුව විසුවෙමි.

“ලනලද දොර අගුල් ඇති සෙනසුන්හි විසීම සැපයට හේතුවක්කොට සිතා, සීතලෙන් යුක්තවූ හිම වැටෙන රාත්‍රිවල එළිමහන් ස්ථානයන්හි විසුවෙමි. එසේ සීතලෙන් මඩනා ලදුයේ වෙහෙසට නොපැමිණියෙමි.

“සතර බ්‍රහ්ම විහරණ සමාපත්තීන්ට සමවදිමින් විසුවෙමි. එයින්ම සැපයට පැමිණියේ සතර ඉරියව් පැවැත්වීමි. සීතාදී උපද්‍රව නැතිව සිත නොකැළඹීමෙන් විසුවෙමි.”

... තෙකිච්ඡකාරී ථෙරො....

විවරණ [1]