බරවීම්

පරිවර්තන [11]

මිගජාල ථෙර ගාථා

“සූර්ය වංසයෙහි උපන්නා වූද, පසැස් ඇත්තාවූද, බුදුරජාණන් වහන්සේ විසින් මනා කොට දේශනා කරනලද ධර්මය සියලුම සංයෝජනයන් ඉක්මවීමෙන් සියලු සසරදුක නැසුවෙහිය.

“තෘෂ්ණාමූලය වියලවා සත්වයන්ගේ ඇතිවීමට හා නැතිවීමට හේතුවවූ කර්මක්ලෙශයන් සිඳ එතරවූයේ නෛයර්යාණික නිවනට පැමිණියෙහිය.

“භව චක්‍රය නසන්නා වූද, ආත්ම භාව නම්වූ යන්ත්‍රය නැතිකරන්නාවූද, ඤාණ නැමති වජ්රායුධය හෙළමින්,

“ත්‍රිවිධ වේදනාවන් දුක් වශයෙන් සලකා උපාදානයන්ගෙන් මිදුනේ කාමභව ආදී නවවිධ භවය ගිනිගෙණ දිලිසෙන අගුරු වළක්සේ ඤාණයෙන් ප්‍රත්‍යවෙක්ෂා කොට,

“මහ සැපතක් වැනිවූද ගැඹුරක් වැනිවූද, ජරාමරණ වළකන්නාවූ ආර්ය අෂ්ටාංගික මාර්ගය දුක් සමනය කරණ ක්ෂේමස්ථානයක් වැනිය.

“කර්මය කර්මය හැටියටත් විපාකය විපාකය හැටියටත් දැන පටිච්චසමුප්පාද ධර්මයන්ගේ යම්බඳු ආලොකයක් ඇද්ද, ඒ ආලොකය දිටිමි. ශාන්තවූ නිර්වාණය අවසාන යහපතසේ දිටිමි.”

... මිගජාලො ථෙරො....

විවරණ [1]