බරවීම්

පරිවර්තන [15]

චාපා ථෙරී ගාථා

“අතීතයෙහි සැරයටියක් අතේ ඇත්තේ විය. දැන් මුව වැද්දෙකි. තෘෂ්ණාව හේතුකොට ගෙන රළුවූ ගෝරු මඩින් පරතෙර ඒ මට නොහැකිවිය.

“චාපාතොම මා කාමයෙහි අතිශයින් මත්වූවෙකැයි සිතා පුතු නලවයි. එහෙයින් මම චාපාවගේ බැම්ම සිඳ නැවතද පැවිදි වන්නෙමි.

“මහා වීරය මට නොකිපෙව, මහාමුනිය මට නොකිපෙව, ක්‍රොධයෙන් යුක්තයාහට ශුද්ධියක් නැත්මය, තපසක් කොයින්ද,

“නාලා නම් ගමින් නික්ම පැවිදිවීමි. දැන් කවරෙක් මේ නාලාගම වෙසේද, දැහැමින් කල් යවන ශ්‍රමණයන් ස්ත්‍රීහු රූපයෙන් බඳිති.

“කාලය එව, නවතුව, පෙරසේ කාමයන් අනුභව කරව, මමද මගේ ඒ අන්‍ය ඤාතීහුද නුඹ වසඟ කරණ ලදහ.

“චාපාවෙනි, තී දැනට වඩා සතර ගුණයකින් ප්‍රියව හැසිරෙමියි කියහිද, තී කෙරෙහි ඇලුණු පුරුෂයෙකුට නම් එය මහත් වෙයි.

“කාලය, පර්වතයක් මුදුනෙහි පිපි තිටිග රුකක් වැනිවූ මනාව සුපිපි මල් ඇති දෙළුම් ගසක් බඳුවූ දූපතක් මැද පළොල් ගසක් සමවූ ශරීරාවයව ඇති

“රත් සඳුන් තැවරූ සිරුරු ඇති, උතුම් කසී සළු සඳනාවූ රූපවත් ඒ මා කාට හැර දමායෙහිද?

“යම්සේ ලිහිණි වැද්දෙක් ලිහිණියෙකු බදින්නට කැමතිවේද, එලෙසින් සකස් කළ රූපයෙන් නුඹ මා පෙළන්නෙහිය.

“කාලය, නුඹ විසින් උපදවන ලද මේ පුත්‍රඵලයද පුත්‍රයා ඇති මාද කාට හැර දමා යන්නෙහිද?

“නුවණැති මහා වීර පුරුෂයෝ පුත්‍රයන්ද ඤාතීන්ද, ධනයද අත් හරිත්. බැඳුම සිඳින ඇතා මෙන් නික්ම පැවිදි වෙත්.

“දැන් නුඹගේ මේ පුත්‍රයා දණ්ඩකින් ගසා හෝ සිරියෙන් ඇන හේ බිම දමා හෝ පෙළන්නෙමි. පුත්‍ර ශොකයෙන්වත් නොයෙහි.

“ඉදින් පුත්‍රයා බළු සිවල් ආදීන්ට දෙන්නෙහිද, ලාමක තැනැත්තිය පුත්‍රයා නිසා මා නොනවත්වන්නෙහිය.

“පින්වත, නුඹ එසේනම් දැන් ගම් නියම්ගම් රජ දනව් ආදී කොතැන කල් යවන්නෙහිද?

“පෙරගණ දෙටුවූ මහණුනැයි සිතන අපි ශ්‍රමණයෝ වීමු. ගමින් ගම නුවරවල රජ දහන්හි හැසුරුනෙමු.

“මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නෙරඤ්ජරා ගංතෙර සියළු දුක් නැසීම පිණිස සත්වයන්ට දහම් දෙසන සේක.

“මම උන්වහන්සේ සමීපයට යන්නේ උන්වහන්සේ මාගේ ශාස්තෘ වන්නේයයි දැන් අනුත්තර ලොකස්වාමීවූ බුදුන් වන්දනා කරව.

“පැදකුණු කොට මට පින් දෙන්නෙහිය. නුඹ මට යම්සේ කියහිද, අප විසින් වනාහි ඒ ලැබිය හැකියි.

“නුඹගේ වචනයෙන් ලෝකෝත්තම උත්තර කෙනෙකු නැති බුදුන් වඳිමි. පැදකුණු කොට නුඹට පින් දෙන්නෙමි.

“ඉක්බිති කාලතෙම නෙරඤ්ජරා ගංතෙර බලා ගියේය. හෙතෙම දුකද, දුක ඉපදීමද, දුක ඉක්මීමද දුක ඉක්මීමට යායුතු මගවූ උතුම් අටග මගද යන නිවන් පදය බුදුන් දිටී.

“මම උන්වහන්සේගේ සිරිපා වැඳ, පැදකුණුකොට චාපාවට කරුණු කියා සස්නෙහි පැවිදි වීමි. තුන් දැනීම ලබන ලදී. සර්වඥ ශාසනය කරණ ලදී.

... චාපා ථෙරී....

විවරණ [1]