බරවීම්

The Minor Discourses

Thig5.2 විමලා (පුරාණ ගණිකා) ථෙරී ගාථා

පරිවර්තන [18]

විමලා (පුරාණ ගණිකා) ථෙරී ගාථා

“ශරීර පැහැයෙන්ද, රූපයෙන්ද, සැපතින්ද, යසසින්ද, තරුණ කමින්ද මත්වූවා තදවූවා අන්‍ය ස්ත්‍රීන් ඉක්මවා සිතමි.

“මෝඩයන් කථාකරණ මේ කය විසිතුරු කොට සරසා, වැද්දා මළපුඩුව හෙලා බලාසිටින සේ වෙශ්‍යාගෘහයෙහි සිටියෙමි.

“ආභරණ හැප්පීමෙන් බොහෝ රහස් තැන් දැක්වීමෙන්, මහජනයාට සිනාසෙමින් නොයෙක් රැවටීම් කෙළෙමි.

ඒ මම අද හිස මුඩුකොට දෙපොට සිවුරු පොරවා පිඬු පිණිස හැසිර ද්විතියධ්‍යානය පටන් අර්හත්වය ලබා ගස් මුලෙක හුන්නී වෙමි.

“දෙවි මිනිසුන් ඒ සියළු බැඳුම් සිඳ සියලු පව් ගෙවා සිහිල් වීමි. නිවුනෙමි.”

... විමලා පුරාණගණිකා ථෙරී....

විවරණ [1]