බරවීම්

The Minor Discourses

Thig5.4 සුන්දරී නන්දා ථෙරී ගාථා

පරිවර්තන [17]

සුන්දරී නන්දා ථෙරී ගාථා

“නන්දාවෙනි, ගිලන්වූ අපවිත්‍රවූ කුණුවූ මේ ශරීරය බලව. එකඟව සිත මනාව අරමුණෙහි පිහිටුවා සිත අශුභ භාවනාවෙන් වඩව.

දුගඳවූ, සැරව වැහෙන, මෝඩයන් සතුටු කරණ මෙය යම්සේද, තීගේ මේ සිරුරත් එසේමයි. එය යම්සේද මෙයත් එසේය.

රෑ දාවල අනලසව මෙසේ මේ දකිමින් පසුව ස්වකීය ප්‍රඥාවෙන් කලකිරීම දිටිමි.

අප්‍රමාදව නුවණින් සලකන්නාවූ ඒ මා විසින් මේ කය තම ඇතුළත පිටත වශයෙන් තතුසේ දක්නා ලදී.

“එසේ ඇති කල්හි මම ශරීරයෙහි කලකිරුණෙමි. ඇතුළු කයෙහිද නොඇලුනෙමි. අප්‍රමාදව, සියලු බැඳුම් වලින් සන්සිඳුනෙමි නිවුනෙමි.”

... සුන්දරීනන්දා ථෙරී....

විවරණ [0]