බරවීම්

පරිවර්තන [18]

වාසෙට්ඨි ථෙරී ගාථා

“පුත්‍ර ශෝකයෙන් පීඩිතවූවා අවුල් සිත් ඇත්තී එයින්ම පිරිසිදු සිහිනැත්තී නිර්වස්ත්‍රවූවා විසිරුණු කෙස් ඇත්තී මම තැනින් තැන හැසුරුණෙමි.

“කසල ගොඩවලද, සොහොනෙහිද, වීථිවලද විසීමි. බඩසා පවසින් පෙළෙමින් තෙවසක් හැසුරුණෙමි.

“නොදැමුණවුන් දමනය කරවා සියල්ල දත් කිසිවකින් භයක් නැත්තාවූ, ශොභන ගමන් ඇත්තාවූ මිථිලාව බලා වඩින්නාවූ බුදුන් දුටිමි.

“ප්‍රකෘති සිහිකල්පනා ලැබ වැඳ උන්වහන්සේ වෙතට පැමිණියෙමි. ඒ ගෞතමයන් වහන්සේ අනුකම්පාවෙන් මට දහම් දෙසූසේක.

“උන්වහන්සේගේ ධර්මය අසා ශාසනයෙහි මහණවීමි. බුදුන්ගේ වචනයෙහි යෙදී නිර්වාණ පදය අත්කෙළෙමි.

“මේ අන්තකොට ඇත්තාවූ සියළු ශෝකයෝ සිඳින ලදහ. යමෙකින් ශොකයන්ගේ පහළවීම වේද, ඒ වස්තුව මා විසින් පිරිසිඳ දන්නාලදී.”

... වාසෙට්ඨී ථෙරී....

විවරණ [0]