බරවීම්

පරිවර්තන [15]

ඛෙමා ථෙරී ගාථා

“නුඹත් රූමත් තරුණියෙකි. මම ඒ එසේම පැහැපත් තරුණයෙකි. පසඟතුරු වැයුමෙන් යුක්තව සිත් අලවමු. ඛෙමාවෙනි එන්න.

“ලෙඩවූ වහා බිඳෙනසුළුවූ කුණු කය කරණකොට ගෙන පීඩාවෙමි. ලජ්ජාවෙමි. කාම තෘෂ්ණාව නසනලදී.

“කාමයෝ ශරීරයන් බිඳීමට සැතක් හා හුලක් වැනියහ. තා කියන කාමරතිය මට නම් දැන් අරතියෙකි.

“සියල්ලෙහි තෘෂ්ණාව වනසන ලදී. මෝහ රාශිය පලන ලදී. වාමකය, තෝ නසනුලැබීය. මෙසේ දනුව.

“අඥාණයෝ චන්ද්‍ර සූර්යාදී තාරකාවන්ට වඳිමින් වනයෙහි ගිනි දෙවියන් පුදමින් තත්වාකාරය නොදැන සුද්ධිය නොදනිත්.

“මමද පුරුෂොත්තමවූ සම්බුදුන් වඳිමින් සියලු දුකින් මිදුනෙමි. ශාස්තෘ ශාසනය කරන්නියක් වීමි.”

... ඛෙමා ථෙරී....

විවරණ [1]