බරවීම්

පරිවර්තන [17]

සුජාතා ථෙරී ගාථා

“අලංකාරව, මහඟු වස්ත්‍ර හැඳ, මල්දම් පැළඳ, සඳුන් හා සියළු ආභරණයන් ගවසා දාසී සමූහයා පිරිවරණ ලදුව,

“බොහෝ ආහාරද, ඛාද්‍යයද භොජ්‍යයද ගෙන්වා ගෙණ ගෙයින් නික්ම උයනට පැමිණියෙමි.

“ඒ උයනෙහි සිත් අලවා, සෙල්ලම්කර සිය ගෙට එන්නී. සාකේත නුවර අඤ්ජන වන විහාරය බලන්නට පිවිසියෙමි.

“එහි වැඩහුන් ලොවට පහනක්වූ සර්වඥයන් වහන්සේ දැක වැඳ උන්වහන්සේ වෙතට පැමිණියේය. ඒ ඇස් ඇති සර්වඥයන් වහන්සේ අනුකම්පාවෙන් මට ධර්ම දේශනා කළසේක.

“මහර්ෂිවූ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසා සත්‍යයන් තේරුම් ගතිමි. එහිදීම පහවූ රාග රජස් ඇති නිර්වාණ පදය ස්පර්ශ කෙළෙමි.

“ඉන්පසු දහම්දත් මම සර්වඥ ශාසනයෙහි පැවිදිවීමි. තුන් දැකීමට පැමිණියා, සර්වඥ ශාසනය නොසිස්කොට දකිමි.

... සුජාතා ථෙරී....

විවරණ [1]