බරවීම්

පරිවර්තන [17]

ගුත්තා ථෙරී ගාථා

“ගුත්තාවෙනි, දරුවන්ද, ඥාති සමූහයා, සම්පත්ද, හැර යමක් පිණිස පැවිදිවූයේද, ඒ වඩව සිතට වසඟ නොවව්.

“සිතින් රැවටුනු සත්වයෝ මාරවිෂයෙහි ඇළුනාහු නොයෙක් ඉපදීම් ඇති සසර දිව ඇවිදිත්.

“කාමයෙහි රුචියද ක්‍රොධයද ආත්මදෘෂ්ටියද ශීලව්‍රත පරාමර්ශනයද විචිකිත්සාවද යන,

“මෙතෙරට ගෙනෙන මේ බැඳුම් නසා, භික්ෂුණිය මෙයට නැවත නොපැමිණෙව.

“ඇල්ම, මානය, උඩඟුව, මුලාව යන බැඳුම් සිඳ දුක් කෙළවර කරන්නෙහිය.

“සසර හැසිරීම නිමවා, නැවත ඉපදීම දැන මේ දිවියේම සෑහී සන්සුන්ව වාසය කරව.”

... ගුත්තා ථෙරී....

විවරණ [1]