බරවීම්

පරිවර්තන [15]

චාලා ථෙරී ගාථා

“සිහිය මනාව පිහිටුවා වඩනලද ඉන්ද්‍රිය ඇත්තාවූ භික්ෂුණිතොම සියළු සංස්කාරයන් සන්සිඳුනු සැපවූ නිවන් පදය අත්කෙළේය.

“කවරකු උදෙසා කෙස් මුඩු කෙළෙහිද? මෙහෙණියක මෙන් පෙණෙහිද, පාසාණ්ඩයන් රුචි නොකෙරෙහිද, මේ කුමකට මුළාව හැසිරෙහිද?

“මින් බැහැරවූ පාසාණ්ඩවයෝ දෘෂ්ටීන් ඇසුරු කරති. ඔහු ධර්මය නොදනිති. ධර්මයෙහිත් දක්ෂයෝ නොවෙති.

“ශාක්‍ය වංශයෙහි උපන් කෙනෙකු හා සම නොවන බුදුවරයෙක් ඇත. හේ සියළු දෘෂ්ටීන් ඉක්මවන දුක්ය. දුක් හටගැන්මය දුක් නැතිකිරීමය. දුක් නැතිකිරීමේ උපායවූ ආර්ය අෂ්ටාංගික මාර්ගයද යන ධර්මය මට දෙසූහ.

“ඒ මම උන්වහන්සේගේ වචනය අසා සස්නෙහි ඇලී වාසය කෙළෙමි. තුන් නුවණ ලබනලදී. සර්වඥ ශාසනය කරණලදී.

“සියල්ලෙහි තෘෂ්ණාව නසනලදී. අඳුරු රැසද පලන ලදී. මාරය එසේ දනුව, මාරය, තෝ නසන ලද්දෙහිය.”

... චාලා ථෙරී....

විවරණ [1]