බරවීම්

පරිවර්තන [15]

උපචාලා ථෙරී ගාථා

“සිහියෙන් යුක්තවූ නුවණ ඇස ඇත්තාවූ මඩනලද ඉන්ද්‍රියයන් ඇත්තාවූ, භික්ෂුණිතොම මහා පුරුෂයන් විසින් සෙව්නා ලද නිර්වාණපදය අවබෝධ කෙළේයි.

“කුමක් හෙයින් ඉපදීම රුචි නොකෙළෙහිද? උපන්නේ පස්කම් සැප අනුභව කෙරෙයි. කාමරතීන් අනුභව කරව. පසුතැවිලි නොවෙව.

“උපන්නාට මරණය වෙයි. උපන්නේ අත් පා කන් නාසාදිය කැපීමවූ වධදීම්, සිර කිරීම්, ගහට යුත් දුකට පැමිණෙයි.

“ශාක්‍ය කුලයෙහි උපන් නොපරදවන ලද්දාවූ සම්බුද්ධ කෙනෙක් ඇත. උන්වහන්සේ මට ජාතිය ඉක්මවන දුක්ය, දුක් හටගැනීමය. දුක් ඉක්මවීමය. දුක් නසන මෘදුවූ ආර්යෂ්ටාංගික මාර්ගය යන ධර්මය දෙසූසේක.

“මම උන්වහන්සේගේ ධර්ම කථාව අසා සස්නෙහි ඇලීවාසය කෙළෙමි. තුන් නුවණ ලබන ලදී. සර්වඥ වචනය කරණලදී.

“සියල්ලෙහි තෘෂ්ණාව නසනලදී. අඳුරු කඳ දුරලන ලදී. මාරය, එසේ දනුව, මාරය, තෝ නසන ලද්දෙහිය.”

... උපචාලා ථෙරී....

සත්තකනිපාතො නිට්ඨිතො.

විවරණ [1]