බරවීම්

පරිවර්තන [15]

සීසූපචාලා ථෙරී ගාථා

“ශීලයෙන් යුත් සංවරවූ ඉඳුරන් ඇති භික්ෂුණිතොම ස්වභාවයෙන් මධුරවූ, නිර්වාණ පදයට පැමිණෙයි.

“නුඹ පෙර විසූ තාවතිංස, යාම, තුසිත, නිර්මාණරතී පරනිර්මිත නම්

“දිව්‍ය භවනයක්වේද, එහි සිත පිහිටුවව.

“තාවතිංස, යාම, තුසි, නිර්මාණරතී, පරනිර්මිත යන දෙව්ලෝ වැසි යම් දෙවියෝ විය.

“සිය කයෙහි පිහිටවූවාහු සිය කය නොඉක්මවූවාහු ඔහු කලින් කල භවයට පැමිණීමෙන් ජාති මරණයට පැමිණීමෙනි.

“සියළු ලෝකය ඇවිලගත්තේය. සියළු ලොව තදින් ඇවිල ගත්තේය. සියල්ල තදින් ඇවිල සිටියි. සියළු ලෝකය තදින් කම්පා වෙයි.

“සෙලැවිය නොහැකි අසමානවූ, පෘථග්ජන නොවූවන් සේවනය කළ ධර්මයක් බුදුහු දෙසූද එහි මා සිත ඇළුනේය.

“මම උන්වහන්සේගේ වචනය අසා සස්නෙහි ඇලී විසීමි. තුන් නුවණ ලබනලදී. බුද්ධානුශාසනය කරණලදී.

“සියල්ලෙහි තෘෂ්ණාව නසනලදී. අඳුරුකඳ පළන ලදී. මාරය, එසේ දනුව. මාරය, තෝ නසන ලද්දෙහිය.”

... සීසූපචාලා ථෙරී....

අට්ඨකනිපාතො නිට්ඨිතො.

විවරණ [1]