පරිවර්තන [20]
English
- Bhikkhu Ānandajoti (2008)
- Bhikkhu Sujato
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Karl Seidenstücker (1920)
- Sabbamitta
Italiano
- Enzo Alfano
Español
- Isidatta (2008)
Português
- Michael Beisert
Русский
- Алокананда бхиккху
- Леонид Шаповалов
Nederlands
- Guy Eugène Dubois
- Peter van Loosbroek
Norsk
- Kåre A. Lie
Magyar
- Máthé Veronika (2009)
Srpski
- Branislav Kovačević (2024)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පඨම බොධි සූත්‍රය
නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස
[1] මා විසින් මෙසේ අසනලදී. එක්කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයට පැමිණ පළමුවෙන්ම නෙරංජරා ගඟ අද්දර බෝගස මුල වාසය කරණ සේක. භාග්‍යවතුන්වහන්සේ ඒ කාලයෙහි සත් දවසක් නිවන් රසය විඳිමින් එකම ආසනයකින් හුන්සේක.
[2] ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ සත් දවස ඇවෑමෙන් ඒ සිත එකඟ කිරීමෙන් නැගිට රාත්‍රියෙහි පළමුවැනි යාමයෙහි හේතු ප්‍රත්‍යය ධර්මය අනුපිළිවෙළින් (මෙනෙහි කළ සේක)
[3] “මෙසේ මෙය ඇතිකල්හි මෙසේවේ. මෙය ඇතිවීමෙන් මෙය උපදී එනම්:-නොදැනීම, ඇතිබව හේතු කොටගෙන සංස්කාර (කර්ම) වන්නේය. සංස්කාර ඇති බැවින් විඥානය (විපාකසිත) වන්නේය. විඥානය ඇති බැවින් නාමරූප (පංචස්කන්ධය) වන්නේය. නාමරූප ඇති බැවින් ආයතන සය වන්නේය. ආයතන සය ඇති බැවින් විපාක ස්පර්ශ චෛතසිකයවේ. ස්පර්ශය ඇති බැවින් වේදනාව ඇති වන්නේය. වේදනා ඇති බැවින් තෘෂ්ණාව ඇතිවන්නේය. තෘෂ්ණාව ඇති බැවින් දැඩිවගැන්ම ඇති වන්නේය. දැඩිව ගැන්ම ඇති බැවින් භවය (කර්මද ස්කන්ධද) වන්නේය. භවය ඇති බැවින් උත්පත්තිය වන්නේය. උත්පත්තිය ඇති බැවින් ජරාව, මරණය, ශොකය, වැළපීම, කයට දුක්, සිතට දුක් දැඩිවෙහෙස යන මොව්හු පහළවෙත්. මෙසේ මේ සියළු දුක් රැස පහළවීම වේයයි” මෙනෙහි කළ සේක.
[4] ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ අවස්ථාවෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කළ සේක.
“කෙලෙස් තවන වීර්යය ඇති ධ්‍යාන කරණ යොගියාට යම් වේලාවක සත්තිස්බෝධිපාක්‍ෂික ධර්මයෝ පහළ වෙත්ද? එකෙණෙහි හේතු ප්‍රත්‍යයෙන් හටගත් දුක් රාශිය දනීද එහෙයින් ඔහුගේ සියළු සැකයෝ දුරුවෙත්.”
පරිවර්තන [20]
English
- Bhikkhu Ānandajoti (2008)
- Bhikkhu Sujato
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Karl Seidenstücker (1920)
- Sabbamitta
Italiano
- Enzo Alfano
Español
- Isidatta (2008)
Português
- Michael Beisert
Русский
- Алокананда бхиккху
- Леонид Шаповалов
Nederlands
- Guy Eugène Dubois
- Peter van Loosbroek
Norsk
- Kåre A. Lie
Magyar
- Máthé Veronika (2009)
Srpski
- Branislav Kovačević (2024)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පඨම බොධි සූත්‍රය
විවරණ [1]
English