පරිවර්තන [18]
English
- Bhikkhu Ānandajoti (2008)
- Bhikkhu Sujato
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Karl Seidenstücker (1920)
- Sabbamitta
Italiano
- Enzo Alfano
Español
- F. Tola, C. Dragonetti (2009)
Português
- Michael Beisert
Русский
- Алокананда бхиккху
- Леонид Шаповалов
Nederlands
- Guy Eugène Dubois
Norsk
- Kåre A. Lie
Srpski
- Branislav Kovačević (2024)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
සක්ක රාසහන සූත්‍රය
[1] (මෙහි 1 වර්ගයේ 5 සූත්‍රයේ 1 ඡේදය යෙදිය යුතුයි.)
[2] එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ (ii) සත්කාර කරණ ලද්දේ වෙයි. ගරුකාර කරණ ලද්දේ වෙයි. බහුමාන කරන ලද්දේ වෙයි. පුදන ලද්දේ වෙයි. සලකන ලද්දේ වෙයි. සිවුරු පිණ්ඩපාත සේනාසන ගිලන්පස බෙහෙත් පිරිකර යන මේ දේවල ලැබීම ඇත්තේ වෙයි. (iii) භික්‍ෂු සංඝයාද (මෙහි 2 (ii) යෙදිය යුතුයි.)
[3] ඉක්බිති ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ භාග්‍යවතුන් වහන්සේගේද භික්‍ෂුසංඝයාගේද සත්කාර නොඉවසන්නාහු ගමෙහිද, වනයෙහිද භික්‍ෂූන් දැක අසභ්‍ය නපුරු වචනවලින් බණිත්. දොස් කියත්. වෙහෙස කරත්. කෝපවෙත්. ඉක්බිති බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම්තැනකද එතැන්හි පැමිණියහ. එකත්පසෙක සිටියාවූ ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළකළහ. “ස්වාමිනී, දැන් භාග්‍යවතුන් වහන්සේ (ii) සත්කාර කරණලද්දේ, පුදනලද්දේ වෙයි. සිවුරු, පිණ්ඩපාත, සෙනසුන්, ගිලන්පස, බෙහෙත්, පිරිකර ලබන්නේ වෙයි. (iii) භික්‍ෂු සංඝයාද (මෙහි 3 (ii) යෙදිය යුතුයි) අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ වනාහී සත්කාර නොකරණ ලද්දාහු, ගරුකාර නොකරණ ලද්දාහු, බුහුමන් නොකරණ ලද්දාහු, නොපුදන ලද්දාහු, නොසලකන ලද්දාහු වෙති. සිවුරු, පිණ්ඩපාත, සෙනසුන්, ගිලන්පස, බෙහෙත්, පිරිකර නොලබන්නාහු වෙති. ස්වාමිනී, ඉක්බිති ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ භාග්‍යවතුන් වහන්සේගේද භික්‍ෂු සංඝයාගේද සත්කාර නොඉවසන්නාහු ගමෙහිද, වනයෙහිද, භික්‍ෂූන් දැක අසභ්‍යවූ නපුරු වචනවලින් බණිත්, දොස් කියත්, කෝප වෙත්, වෙහෙසත්” යනුයි.
[4] ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ ප්‍රීති වාක්‍යය ප්‍රකාශ කළ සේක.
“තමා ගැන හෝ අන්‍යයා ගැන හෝ ගමෙහිද, වනයෙහිද සුඛ දුක්ඛ ස්පර්ශය නොසොයන්නේය. කෙලෙස් නිසා ස්පර්ශයෝ ස්පර්ශ කරත්. කෙලෙස් රහිතවූ කල කවරකු විසින් ස්පර්ශයෝ ස්පර්ශ කරණු ලැබෙද්ද”
පරිවර්තන [18]
English
- Bhikkhu Ānandajoti (2008)
- Bhikkhu Sujato
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Karl Seidenstücker (1920)
- Sabbamitta
Italiano
- Enzo Alfano
Español
- F. Tola, C. Dragonetti (2009)
Português
- Michael Beisert
Русский
- Алокананда бхиккху
- Леонид Шаповалов
Nederlands
- Guy Eugène Dubois
Norsk
- Kåre A. Lie
Srpski
- Branislav Kovačević (2024)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
සක්ක රාසහන සූත්‍රය
විවරණ [1]
English