පරිවර්තන [18]
English
- Bhikkhu Ānandajoti (2008)
- Bhikkhu Sujato
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Karl Seidenstücker (1920)
- Sabbamitta
Italiano
- Enzo Alfano
Español
- F. Tola, C. Dragonetti (2009)
Português
- Michael Beisert
Русский
- Алокананда бхиккху
- Леонид Шаповалов
Nederlands
- Guy Eugène Dubois
Norsk
- Kåre A. Lie
Srpski
- Branislav Kovačević (2024)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
එකපුත්තන සූත්‍රය
(මේ ඡේදය 1 වර්ගයේ 5 සූත්‍රයේ 1 ඡේදය මෙනි.)
එසමයෙහි එක්තරා උපාසකයෙකුගේ ප්‍රියවූ මන වඩන්නාවූ එකම පුත්‍රයෙක් විය. ඉක්බිති බොහෝ උපාසකවරු තෙත් වූ වස්ත්‍ර ඇතිව තෙත් හිසකේ ඇතිව මධ්‍යාහ්නයෙහි භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැන්හි පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක සිටියහ. එකත් පසෙක සිටියාවූ ඒ උපාසකයින්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“උපාසකයෙනි, තෙපි තෙත් වස්ත්‍ර ඇතිව තෙත් හිසකේ ඇතිව මධ්‍යාහ්නයෙහි මෙහි කුමක් පිණිස පැමිණියහුද?” මෙසේ වදාළ කල්හි ඒ උපාසක තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීවේය. “ස්වාමිනී, මාගේ ප්‍රියවූ මනවඩන්නාවූ එකම පුත්‍රයෙක් විය. ඔහු කාලක්‍රියා කළේය. එහෙයින් අපි තෙත් වස්ත්‍ර ඇතිව තෙත් හිසකේ ඇතිව මධ්‍යාහ්නයෙහි මෙහි පැමිණියෙමු.”
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ ප්‍රීති වාක්‍යය ප්‍රකාශ කළ සේක.
“දෙවියෝද බොහෝ මිනිස්සුද ප්‍රිය රූපයන් කෙරෙහි යහපත්යයි සිතාගන්නාහුද පිරිහෙන්නාහු දුක් දෙන්නාහු මරුවාගේ වසඟයට යත්. යම් කෙනෙක් රෑද දවල්ද අප්‍රමාද වූයේ ප්‍රිය රූපය දුරු කෙරෙද්ද? ඒකාන්තයෙන් ඔවුහුම දුකට මුල සාරාදමත්. මරුවාගේ ආමිසය ඈත් කළාහු වෙති.”
පරිවර්තන [18]
English
- Bhikkhu Ānandajoti (2008)
- Bhikkhu Sujato
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Karl Seidenstücker (1920)
- Sabbamitta
Italiano
- Enzo Alfano
Español
- F. Tola, C. Dragonetti (2009)
Português
- Michael Beisert
Русский
- Алокананда бхиккху
- Леонид Шаповалов
Nederlands
- Guy Eugène Dubois
Norsk
- Kåre A. Lie
Srpski
- Branislav Kovačević (2024)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
එකපුත්තන සූත්‍රය
විවරණ [1]
English