පරිවර්තන [19]
English
- Bhikkhu Ānandajoti (2008)
- Bhikkhu Sujato
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Karl Seidenstücker (1920)
- Sabbamitta
Italiano
- Enzo Alfano
Español
- F. Tola, C. Dragonetti (2009)
Português
- Michael Beisert
Русский
- Леонид Шаповалов
Nederlands
- Guy Eugène Dubois
- Peter van Loosbroek
Norsk
- Kåre A. Lie
Srpski
- Branislav Kovačević (2024)
Čeština
- Bhikkhu Gavésakó
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ලොකවොලොකන සූත්‍රය
මේ සූත්‍රය මෙසේ අසනලදී. එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ උරුවෙලාවෙහි නෙරඤ්ජරා ගංතෙර සම්‍යක් සම්බුද්ධවූයේ ප්‍රථම කාලයෙහි වැඩවසනසේක.
එසමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ සත්දිනක් එකම පළඟින් නිවන්සුව විඳිමින් වැඩසිටිසේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සත්දිනක් ඇවෑමෙන් ඒ සමාධියෙන් නැගිට බුදු ඇසින් ලොව බැලුසේක. බුදු ඇසින් ලොව බලන සේක් රාගයෙන් හටගත්, ද්වේෂයෙන් හටගත්, මොහයෙන් හටගත් නොයෙක් තැවීම්වලින් තැවෙන නොයෙක් දාහවලින් දැවෙන නොයෙක් සත්වයන් දැකිසේක්මය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ ප්‍රීති වාක්‍යය ප්‍රකාශ කළසේක.
“තැවීම් ඇති ස්පර්ශයෙන් පීඩීත මේ ලොකය ආත්මවශයෙන් සිතන්නහුට රෝගයක් යයි කියයි. යමෙකු විසින් එයින් අන්පරිද්දෙකින් වේයයි සිතාද භවයට පැමිණි තැනැත්තේ වෙනස් වන්නේය. භවයෙහි ඇළුන ලෝකයා භවය ගැනම සතුටුවෙයි. යමක සතුටු වේද ඒ භයකි. යමකට භයවේද ඒ දුකකි. භවය දුරු කිරීමට වනාහි මේ බඹසර හැසිරෙයි. යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ භවයෙන්ම (ශාස්වත දෘෂ්ටියෙන්) භවයාගේ මිදීම කීවාහුද ඒ සියල්ලෝම භවයෙන් නොමිදුනාහුයයි” කියමි.
“යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ විභවයෙන්ම (උච්ඡෙද දෘෂ්ටියෙන්) භවයාගේ නික්මීම කීවාහුද ඒ සියල්ලෝම භවයෙන් නොනික්මුනෝයයි කියමි.
“කෙලෙස් නිසා මේ දුක පැමිණෙයි. සියලු උපාදානයන්ගේ නැති කිරීමෙන් දුකෙහි ඉපදීමක් නැත. මේ මහා ලොකය බලව, සත්වයෝ අවිද්‍යාවෙන් යුක්තය. සත්වයෝ අවිද්‍යාවෙහි ඇළුනෝය. නොමිදුනෝය. යම්කිසි භවයකින් සැමතැන කෙලෙස් පැතිරීම වෙයි. “ඒ සියලු භවයෝ අනිත්‍යය පිණිස දුක් පිණිස, වෙනස්වීම පිණිස වෙති.
“මෙසේ මෙය ඇතිපරිද්දෙන් මනා නුවණින් දක්නා තැනැත්තේ භව තෘෂ්ණාව දුරුකරයි. විභවයෙහි සතුටු නොවෙයි. සර්වප්‍රකාරයෙන් තෘෂ්ණාවන්ගේ ක්‍ෂයවීමෙන් ඉතිරිනොවූ නොඇලීම ඇති නිරොධ නම් නිර්වාණය ලබයි. “නිවුනාවූ ඒ භික්‍ෂුවට උපාදානයන්ගේ නැවත ඇතිවීමක් නොවෙයි. මාරයා මැඩ කෙලෙස් සටනින් ජයගත් කෙලෙස් දුරුකළ ඒ තැනැත්තේ සියලු භවයන් ඉක්මවූයේය.”
නන්දවග්ගො තතියො නිට්ඨිතො.
පරිවර්තන [19]
English
- Bhikkhu Ānandajoti (2008)
- Bhikkhu Sujato
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Karl Seidenstücker (1920)
- Sabbamitta
Italiano
- Enzo Alfano
Español
- F. Tola, C. Dragonetti (2009)
Português
- Michael Beisert
Русский
- Леонид Шаповалов
Nederlands
- Guy Eugène Dubois
- Peter van Loosbroek
Norsk
- Kåre A. Lie
Srpski
- Branislav Kovačević (2024)
Čeština
- Bhikkhu Gavésakó
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ලොකවොලොකන සූත්‍රය
විවරණ [1]
English