බරවීම්

The Minor Discourses

Ud3.4 සාරිපුත්ත පසංසා සූත්‍රය

පරිවර්තන [18]

සාරිපුත්ත පසංසා සූත්‍රය

(මේ ඡෙදය 1 වර්ගයේ 5 සූත්‍රයේ 1ඡෙදය මෙනි.)

එකල්හි වනාහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ නුදුරෙහි පළක් බැඳ කය කෙළින් තබා යොමු කළ සිහිය ඇතිකොට හුන්නේවෙයි. පළක් බැඳ කෙළින් කය තබා යොමු කළ සිහිය ඇතිකොට නුදුරෙහි හුන් ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ දුටු සේක්මය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ ප්‍රීති වාක්‍යය ප්‍රකාශ කළසේක.

“නොසෙල් වෙන්නාවූ මනාව පිහිටියාවූ ගල් පර්වතය යම්සේද එසේ මෝහය නැතිකර දැමූ භික්‍ෂුව පර්වතයක් මෙන් කම්පා නොවෙයි.”

විවරණ [0]