පරිවර්තන [18]
English
- Bhikkhu Ānandajoti (2008)
- Bhikkhu Sujato
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Karl Seidenstücker (1920)
- Sabbamitta
Italiano
- Enzo Alfano
Español
- F. Tola, C. Dragonetti (2009)
Português
- Laera et al. (2015)
Русский
- Алокананда бхиккху
- Леонид Шаповалов
Nederlands
- Guy Eugène Dubois
Norsk
- Kåre A. Lie
Srpski
- Branislav Kovačević (2024)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සිප්පග්ග සූත්‍රය
[1] (මෙහි 1 වර්ගයේ 5 සූත්‍රයේ 1 ඡෙදය යෙදිය යුතුයි.)
[2] එසමයෙහි වනාහි පිණ්ඩපාතයෙන් වැළකුණාවූ සවස් කාලයෙහි මණ්ඩල මාලයෙහි එක්වු රැස්වූ බොහෝ භික්‍ෂූන්ගේ මේ අතුරු කථාවක් ඇතිවිය. (ii) ඇවැත්නි, කවරෙක් වනාහි ශිල්පය දනීද කවරෙක් කවර ශිල්පයක් ඉගෙණගන්නේද, ශිල්පයන්ගේ කවර ශිල්පයක් උතුම්ද?’ යනුයි. ඇතැමෙක් මෙසේ කීහ. ශිල්පයන්ගෙන් අශ්ව ශිල්පය උතුම්ය. කෙනෙක් මෙසේ කීහ. ශිල්පයන්ගෙන් රථ ශිල්පය උතුම්ය. අයෙක් මෙසේ කීහ. ශිල්පයන්ගෙන් කඩු ශිල්පය උතුම්ය. ඇතැම් කෙනෙක් මෙසේ කීහ. ශිල්පයන්ගෙන් රේඛා ශාස්ත්‍රය උතුම්ය. තවත් කෙනෙක් මෙසේ කීහ. ශිල්පයන්ගෙන් ගණිත ශාස්ත්‍රය උතුම්ය. කෙනෙක් මෙසේ කීහ. ශිල්පයන්ගෙන් ලිවීමේ ශාස්ත්‍රය උතුම්ය. තවත් අයෙක් මෙසේ කීහ. ශිල්පයන්ගෙන් කාව්‍ය ශිල්පය උතුම්ය. කෙනෙක් මෙසේ කීහ. ශිල්පයන්ගෙන් පරලොව විශ්වාස නොකරණ ඉගැන්වීම් උතුම්ය, ඇතැමෙක් මෙසේ කීහ. ශිල්පයන්ගෙන් කුඹුරු පිළිබඳ ඉගැන්වීමේ ශිල්පය උතුම්ය.
[3] ඒ භික්‍ෂූන්ගේ මේ අතුරු කථාව ඉතිරිවිය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි විවේකයෙන් නැගිටිසේක් මණ්ඩල මාලය යම් තැනකද එතැන්හි වැඩිසේක. වැඩ පනවනලද අස්නෙහි වැඩසිටියහ. වැඩහිඳම භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූසේක. “මහණෙනි, දැන් කවර කථාවකින් යුක්තව සිටියාහුද? කවර නම් අතුරුකථාවක් කොට ඉතිරිවීද?” යනුයි.
“ස්වාමීනි මෙහි පිණ්ඩපාතයෙන් වැළකුණු සවස්කාලයෙහි මණ්ඩල මාලයෙහි එක්වූ රැස්වූ අපගේ මේ අතුරුකථාවක් ඇතිවිය. (මෙහි 2 (ii) යෙදිය යුතුයි.) ස්වාමීනි මේ අතුරුකථා ඉතිරිවිය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වැඩිසේක යනුයි.”
[4] (මෙහි මේ වර්ගයේ 8 සූත්‍රයේ 4 (i) යෙදිය යුතුයි.) “සැහැල්ලු පැවැත්මක් ඇති, තමහට වැඩකැමති, ශිල්පයන්ගේ ජීවිකාව නොකරණ, ඉන්‍ද්‍රියයන් හික්මවූ සියලුකෙලෙස් දුරු කළ, බැඳුන නිවාසයක් නැති, ආත්ම දෘෂ්ටිය නැතිකළ, ආශා රහිත මාරයා (මරණ) නසා තනිව හැසිරෙන හෙතෙමේ භික්‍ෂුනමි.”
පරිවර්තන [18]
English
- Bhikkhu Ānandajoti (2008)
- Bhikkhu Sujato
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Karl Seidenstücker (1920)
- Sabbamitta
Italiano
- Enzo Alfano
Español
- F. Tola, C. Dragonetti (2009)
Português
- Laera et al. (2015)
Русский
- Алокананда бхиккху
- Леонид Шаповалов
Nederlands
- Guy Eugène Dubois
Norsk
- Kåre A. Lie
Srpski
- Branislav Kovačević (2024)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සිප්පග්ග සූත්‍රය
විවරණ [0]