පරිවර්තන [17]
English
- Bhikkhu Ānandajoti (2008)
- Bhikkhu Sujato
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Karl Seidenstücker (1920)
- Sabbamitta
Italiano
- Enzo Alfano
Español
- F. Tola, C. Dragonetti (2009)
Português
- Laera et al. (2015)
Русский
- Леонид Шаповалов
Nederlands
- Guy Eugène Dubois
Norsk
- Kåre A. Lie
Srpski
- Branislav Kovačević (2024)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
උපසෙන පසංසා සූත්‍රය
(මෙහි 1 වර්ගයේ 6 සූත්‍රයේ 1 ඡෙදය යෙදිය යුතුයි.)
ඉක්බිති හුදකලාවූ විවේකයට ගිය ආයුෂ්මත් වංගන්ත පුත්‍රවූ උපසෙන තෙරුන්ට ‘ඒකාන්තයෙන් මට ලාභයක, ඒකාන්තයෙන් යහපත් ලැබීමකි. මාගේ ශාස්තෲන් වහන්සේ ද භාග්‍යවත්ය, අර්හත්ය සම්‍යක් සම්බුද්ධය. යහපත් කොට වදාරණ ලද ධර්ම විනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිය යයි කියන ලද ශාසනයෙහි පැවිදිවීමි. මා සමග ආශ්‍රය කරන්නන්ද සිල්වත්ය යහපත්ය. මම සිල් පුරන්නෙක්ද වෙමි. සමාධිගත එකඟ සිත් ඇත්තෙක්ද වෙමි. කෙලෙස් නැසූ රහත් කෙනෙක්ද වෙමි. මහත් සෘද්ධි ඇත්තේ වෙමි. මහත් ආනුභාව ඇත්තේ වෙමි. මාගේ ජීවිතය යහපත්ද? මාගේ මරණය යහපත්දැයි’ මෙසේ සිතට විතර්කයක් පහළ විය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වංගන්ත පුත්‍රවූ උපසේන තෙරුන්ගේ සිතේ විතර්කය තම සිතින් දැන ඒ වේලාවෙහි මේ ප්‍රීති වාක්‍යය ප්‍රකාශ කළ සේක.
“යම් ජීවිතයක් කෙළෙසුන්ගෙන් නොතැවෙයිද, ඔව්හු මරණයට ශෝක නොකෙරෙති. ඒකාන්තයෙන් දක්නාලද, සත්‍ය පද ඇති පණ්ඩිත තෙමේ ශෝක කරණ අය මැද ශෝක නොකරයි. භවතෘෂ්ණාව සිඳින ලද සන්සුන් සිත් ඇති මහණහට ඉපදීම් නැමැති සංසාරය ක්‍ෂයවිය. ඔහුට නැවත උත්පත්තියක් නැත.”
පරිවර්තන [17]
English
- Bhikkhu Ānandajoti (2008)
- Bhikkhu Sujato
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Karl Seidenstücker (1920)
- Sabbamitta
Italiano
- Enzo Alfano
Español
- F. Tola, C. Dragonetti (2009)
Português
- Laera et al. (2015)
Русский
- Леонид Шаповалов
Nederlands
- Guy Eugène Dubois
Norsk
- Kåre A. Lie
Srpski
- Branislav Kovačević (2024)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
උපසෙන පසංසා සූත්‍රය
විවරණ [1]
English