පරිවර්තන [17]
English
- Bhikkhu Ānandajoti (2008)
- Bhikkhu Sujato
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Karl Seidenstücker (1920)
- Sabbamitta
Italiano
- Enzo Alfano
Español
- Isidatta (2008)
Português
- Laera et al. (2015)
Русский
- Леонид Шаповалов
Nederlands
- Guy Eugène Dubois
Norsk
- Kåre A. Lie
Srpski
- Branislav Kovačević (2024)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
උපාති (අධිපාතක) සූත්‍රය
(මෙය මේ වර්ගයේ 5 සූත්‍රයේ 1 ඡෙදයමෙනි.)
එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ රෑ මහගන අඳුරෙහි තෙල්පහන් දැල්වෙන කල්හි විහාර මලුවෙහි වැඩහුන්සේක. එකල්හි වනාහි බොහෝ පලඟැටියෝ ඒ තෙල් පහන්වල අභිමුඛව වැටීමද කරකැවී වැටීමද කොට දුකටද පැමිණෙත්. විනාශයටද පැමිණෙත්, අනයව්‍යසනයටද පැමිණෙත්, භාග්‍යවතුන් වහන්සේ ඒ තෙල්පහන්වල අභිමුඛව වැටීමටද කරකැවීවැටීමටද පැමිණෙන්නාවූද දුකට පැමිණෙන්නාවූද මරණයට පැමිණෙන්නාවූද අනයව්‍යසනයට පැමිණෙන්නාවූද ඒ බොහෝ පලඟැටියන් දුටුසේක්මය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ වේලාවෙහි බැස මේ ප්‍රීතිවාක්‍යය පහළ කළසේක.
“මෙසේ ඇතැම් මහණ බමුණෝ (තමා විසින්) චක්ෂුර් විඥානයෙන් දෘෂ්ටීන් දැකීමෙන් හෝ ස්‍රොත විඥානයෙන් ආරන්වය ලැබීම් පමණින් හෝ මෙසේයයි පිහිටියාහු සාරයට නොපැමිණෙත්, ඉක්මවායෙත්, එසේ ගන්නාහු තෘෂ්ණා දෘෂ්ටිනම්වූ අලුත් අලුත් බන්ධන වඩත්, පහනෙහි (වැටෙන) මේ පළඟැටියන්මෙන් වැටෙත්යයි.”
පරිවර්තන [17]
English
- Bhikkhu Ānandajoti (2008)
- Bhikkhu Sujato
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Karl Seidenstücker (1920)
- Sabbamitta
Italiano
- Enzo Alfano
Español
- Isidatta (2008)
Português
- Laera et al. (2015)
Русский
- Леонид Шаповалов
Nederlands
- Guy Eugène Dubois
Norsk
- Kåre A. Lie
Srpski
- Branislav Kovačević (2024)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
උපාති (අධිපාතක) සූත්‍රය
විවරණ [0]