පරිවර්තන [17]
English
- Bhikkhu Ānandajoti (2008)
- Bhikkhu Sujato
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Karl Seidenstücker (1920)
- Sabbamitta
Italiano
- Enzo Alfano
Español
- F. Tola, C. Dragonetti (2009)
Português
- Michael Beisert
Русский
- Леонид Шаповалов
Nederlands
- Guy Eugène Dubois
Norsk
- Kåre A. Lie
Srpski
- Branislav Kovačević (2024)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
උදෙන සූත්‍රය
මා විසින් “මෙසේ අසන ලදී. එක්කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර සමීපයෙහිවූ ඝොෂිත සිටුහු විසින් කරවන ලද ආරාමයෙහි වැඩවසනසේක. එකල්හි වනාහි උයනට ගියාවූ උදෙන රජහුගේ අන්තඃපුරය දෑවේ වෙයි, සාමාවති බිසව ප්‍රධානකොට ඇත්තාවූ ස්ත්‍රීන් පන්සියයක් (ගින්නෙන් දැවී) කළුරිය කළාහු වෙත්. එකල්හි වනාහි බොහෝ භික්ෂූහු පෙරවරුවෙහි හැඳ පොරොවා පාත්‍ර සිවුරු ගෙන කොසඹෑ නුවරට පිඬු පිණිස වන්හ. කොසඹෑ නුවර පිඬු පිණිස හැසිර පස්වරුවෙහි පිඬු සෙවීමෙන් වැළකුණාහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිඳ එතැනට පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙහි හුන්නාවුම ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ කීහ.
“ස්වාමීනි, මෙහි උදෙන රජහු උයන් කෙළියට ගියදී අන්තඃපුරය දැවිණ. සාමාවතී දෙවිය ප්‍රධාන කොට ඇති ස්ත්‍රීන් පන්සියයක් කළුරිය කළාහුය, “ස්වාමීනි, ඒ උපාසිකාවන්ගේ ගති තොමෝ කවරීද? පරලොව කවරේදැ”යි (විචාළහ.)
“මහණෙනි, මේ උපාසිකාවන් අතුරෙහි සොවාන් උපාසිකාවෝත් ඇත්තාහ. සකෘදාගාමි උපාසිකාවෝත් ඇත්තාහ. අනාගාමි උපාසිකාවෝත් ඇත්තාහ. මහණෙනි, ඒ උපාසිකාවෝ සැදැහැ ඇත්තියෝය, නිෂ්ඵල නොවූවාහු මාර්ග ඵල ඇත්තාහු කළුරිය කළාහුයයි” වදාළසේක.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය (සියලු අයුරෙන්) දැන මේ ප්‍රීති වාක්‍යය පහළ කළසේක. “(මෙහි) සත්ව ලොකයතෙම හෙතු සම්පන්නයකු වැනිව පෙණෙයි, (හෙතෙමේද) මොහය සම්බන්ධකොට ඇත්තේය. අන්ධ බාල ලොකය තෙම උපධි සම්බන්ධ කොට ඇත්තේද, අවිද්‍යා නමැති අන්ධකාරය විසින් පිරිවරන ලද්දේය. ඔහුට කාමයෝ නිත්‍යය හැමකල්හි වන සුලුයයි වැටහෙයි.”
“විශෙෂයෙන් විදර්ශනා ප්‍රඥාව සහිතවූ මාර්ග ප්‍රඥාවෙන් තත්වූ පරිද්දෙන් බලන්නාවූ ඕහටම එසේ නොදන්නේම අවිද්‍යා තෘෂ්ණා දෘෂ්ටි ආදී බන්ධනයෙන් සසර බැඳුනේ වන්නේය.”
සත් වෙනි චුල්ල වර්ගය නිමි.
පරිවර්තන [17]
English
- Bhikkhu Ānandajoti (2008)
- Bhikkhu Sujato
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Karl Seidenstücker (1920)
- Sabbamitta
Italiano
- Enzo Alfano
Español
- F. Tola, C. Dragonetti (2009)
Português
- Michael Beisert
Русский
- Леонид Шаповалов
Nederlands
- Guy Eugène Dubois
Norsk
- Kåre A. Lie
Srpski
- Branislav Kovačević (2024)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
උදෙන සූත්‍රය
විවරණ [0]