බරවීම්

The Minor Discourses

Ud7.7 ප්‍රපඤ්චක්ෂය සූත්‍රය

පරිවර්තන [17]

ප්‍රපඤ්චක්ෂය සූත්‍රය

(මෙහි 1 වර්ගයේ 5 සූත්‍රයේ 1 ඡෙදය යෙදිය යුතුයි.)

“එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ තමන්වහන්සේගේ ප්‍රපඤ්ච නම්වූ බොහෝ කල් පවත්වන්නාවූ රාග ද්වෙෂ මොහ මාන ක්ලෙශයන්ගේ ප්‍රහානය ප්‍රත්‍යවෙක්ෂා කරමින් වැඩහුන්සේක.

“ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ තමන්වහන්සේගේ රාග ද්වෙෂ මොහ තෘෂ්ණා දෘෂ්ටි මාන නම් බොහෝකල් සිටුවන්නාවූ ක්ලෙශයන්ගේ ප්‍රහානය ප්‍රපඤ්ච නම්වූ කෙලෙසුන් සමග පවත්නා සංඥා කොට්ඨාසයන්ගේ ප්‍රහානය දැන ඒ වේලාවෙහි මේ ප්‍රීති වාක්‍යය පහළ කළසේක.

“යම් පුද්ගලයකුගේ ප්‍රපඤ්චයෝද සිටීමද, අනුසයත් නැත්තේද, බන්ධනයයි ලද නම් ඇති තෘෂ්ණා දෘෂ්ටීන්ද පලිඝ (ඉදිරුව) යයි කියනලද අවිද්‍යාවද විශෙෂයෙන් ඉක්මවූයේද, තෘෂ්ණාව නැත්තාවූ මුනිවූ හැසිරෙන්නාවූ ඒ පුද්ගලයාට දෙවියන් සහිතවූ සියලු සත්ව ලොකයා අවමන් නොකෙරේ” යයි.

විවරණ [1]