පරිවර්තන [18]
English
- Bhikkhu Ānandajoti (2008)
- Bhikkhu Sujato
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Karl Seidenstücker (1920)
- Sabbamitta
Italiano
- Enzo Alfano
Español
- F. Tola, C. Dragonetti (2009)
Português
- Laera et al. (2015)
Русский
- SV theravada.ru (2009)
- Леонид Шаповалов
Nederlands
- Guy Eugène Dubois
Norsk
- Kåre A. Lie
Srpski
- Branislav Kovačević (2024)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
(ද්විතීය) දබ්බ සූත්‍රය
(මෙහි 1 වර්ගයේ 5 සූත්‍රයේ 1 ඡෙදය යෙදිය යුතුයි.)
එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” කියා භික්ෂූන් අමතා වදාළ සේක. ඒ භික්ෂූහු “පින්වතුන් වහන්සැයි” භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ, භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, අහසට පැන නැගී අහසේ ඉහළ පළක් බැඳවැඩහිඳ තෙජොධාතු කසිණ චතුර්ථධ්‍යාන සමාපත්තියට සමවැද ඉන් නැගිට පිරිනිවියාවූ මල්ල රජහුගේ පුත්‍රවූ ආයුෂ්මත් දබ්බයන්ගේ සිරුර ගිනි ඇවිලෙද්දීද ගිනි නිවෙද්දීද හලු නොමපෙණින, අඳුන් නොමපෙණින, යම්සේ වනාහි ගිතෙල් වේවයි තලතෙල් වේවයි ගිනි ඇවිලෙද්දීද ගිනි නිවෙද්දීද හලු නොමපෙණේද, අඳුන් නොමපෙණේද, මහණෙනි, එපරිද්දෙන්ම අහසට පැනනැග උස් අහසෙහි එරමිණිය ගොතා වැඩහිඳ තෙජොධාතු කසිණ චතුර්ථධ්‍යානයට සමවැද (ඉන්) නැගිට පිරිනිවියාවූ මල්ල රජුත් ආයුෂ්මත් දබ්බයන්ගේ සිරුරට ගිනි ඇවිලෙද්දීද ගිනි නිවෙද්දීද හලු නොපෙණුනේය. දැලි නොපෙණුනේයයි” (වදාළසේක)
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ වේලාවෙහි මේ කාරණය දැන ඒ කරුණ (පහළ කරණ) මේ උදන් පහළ කළ සේක.
“යම්සේ යකුළු ගසන ලද්දාවූ ලොහෝ භාජනාදීගතවූ ශබ්දයන් හෝ දැල්වෙන ගින්න ක්‍රමයෙන් සන්සිඳුණු ගිය තැන නොදන්නා ලැබේද, එපරිද්දෙන්ම මනාව මිදුණාවූ කාමප්‍රබන්ධයයි කියනලද කාමොඝ භවොඝාදී භෙදවූ ඉතිරි ඔඝයද තරණයකොට සිටි බැවින් කාමබන්ධ ඔඝයන් තරණය කළාවූ නිශ්චලවූ සුවයට පැමිණියාවූ ක්ෂීණාශ්‍රවයන්ගේ ගතියක් පණවන්නට නැත.”
අටවන පාටලී ගාම වර්ගය නිමි.
උදානය නිමි.
පරිවර්තන [18]
English
- Bhikkhu Ānandajoti (2008)
- Bhikkhu Sujato
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Karl Seidenstücker (1920)
- Sabbamitta
Italiano
- Enzo Alfano
Español
- F. Tola, C. Dragonetti (2009)
Português
- Laera et al. (2015)
Русский
- SV theravada.ru (2009)
- Леонид Шаповалов
Nederlands
- Guy Eugène Dubois
Norsk
- Kåre A. Lie
Srpski
- Branislav Kovačević (2024)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
(ද්විතීය) දබ්බ සූත්‍රය
විවරණ [0]