පරිවර්තන [17]
English
- Bhikkhu Ānandajoti (2008)
- Bhikkhu Sujato
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Karl Seidenstücker (1920)
- Sabbamitta
Italiano
- Enzo Alfano
Español
- F. Tola, C. Dragonetti (2009)
Português
- Laera et al. (2015)
Русский
- Леонид Шаповалов
Nederlands
- Guy Eugène Dubois
Norsk
- Kåre A. Lie
Srpski
- Branislav Kovačević (2024)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
විධාපථ (නාගසමාල) සූත්‍රය
“මා විසින් මෙසේ අසනලදී. එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසොල් රට දීර්ඝ මාර්ගයට පසුව යන මහණකු වූ ආයුෂ්මත් නාගසමාල තෙරුන් සමග පිළිපන්සේක. ආයුෂ්මත් නාගසමාල ස්ථවිරතෙම අතරමග දෙමං සන්ධියක් දුටුයේමය. දැක භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මේ මගය, මේමගින් යම්හ”යි මේ වචනය කීයේය. මෙසේ කීකල්හි ආයුෂ්මත් නාගසමාල තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ “නාගසමාලයෙනි, මේ (යායුතු මාර්ගය වෙයි. මේ මාර්ගයෙන් යමු”යි මේ වචනය වදාළසේක.
දෙවනුවද ආයුෂ්මත් නාගසමාල ස්ථවිරතෙම භාග්‍යවතන් වහන්සේට “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මේ යායුතු මාර්ගය වෙයි. මේ මාර්ගයෙන් යමු”යි මේ වචනය කීයේය. දෙවනුවද භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් නාගසමාල තෙරුන්ට “නාගසමාලයෙනි, මේ (යායුතු) මාර්ගය වෙයි. මේ මගින් යම්හ”යි මේ වචනය වදාළසේක.
තුන්වැනිවත් ආයුෂ්මත් නාගසමාල ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මේ (යායුතු) මාර්ගය වෙයි. මේ මාර්ගයෙන් යමු”යි මේ වචනය වදාළසේක.
ඉක්බිති ආයුෂ්මත් නාගසමාල ස්ථවිරතෙම “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, (නුඹවහන්සේගේ) පාත්‍ර සිවුරු මෙහි යයි” භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍ර සිව්රු බිම තබා ගියේය.
එකල්හි වනාහි ඒ මගින් යන්නාවූ ආයුෂ්මත් නාගසමාල ස්ථවිරයන් වහන්සේට අතරමග සොරු නික්ම අවුත් (බිම හෙලා) අතින්ද, පයින්ද ගැසූ පාත්‍රයද බින්දාහුය. සඟල සිවුරද ඉරූහ. ඉක්බිති ආයුෂ්මත් නාගසමාල ස්ථවිරතෙම බිඳුනු පාත්‍රයෙන්ද, කැබලිකොට ඉරනලද සඟළ සිවුරෙන්ද, භාග්‍යවතුන් වහන්සේ යම් (දිශාවෙක්හි වැඩිසේක්ද,) එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවුම ආයුෂ්මත් නාගසමාල ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ කීයේය.
“ස්වාමීනි, ඒ මාර්ගයෙන් යන්නාවූ මට අතරමගදී සොරු නික්ම අවුත් අතින්ද, පයින්ද ගැසූහ. පාත්‍රයද බින්දාහුය. සඟළ සිවුරද (කැබලිකොට) ඉරාදැම්මාහුය.”
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි ඒ කරුණ පහළවන මේ උදන් පහළකෙළේය. “වෙදයයි කියනලද චතුස්සත්‍ය ධර්මය ආර්ය මාර්ග ඥානයෙන් අවබොධ කළාවූ පරතෙරට ගියාවූ පණ්ඩිත වූ සර්වඥයන් වහන්සේ (තමහට වැඩ) නොදත් මූඪජනයා සමග හැසිරෙනසේක්, එකතැන වසනසේක් මිශ්‍රවූසේක් කිරි පමණක්ම බොන්නවූ කොස්ලිහිණිතෙම පාත් බිම කරා ගලා යන්නාවූ දිය සේ (දුක් එළවන) ලාමක දෙය දුරුකරණසේකැ”යි
පරිවර්තන [17]
English
- Bhikkhu Ānandajoti (2008)
- Bhikkhu Sujato
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Karl Seidenstücker (1920)
- Sabbamitta
Italiano
- Enzo Alfano
Español
- F. Tola, C. Dragonetti (2009)
Português
- Laera et al. (2015)
Русский
- Леонид Шаповалов
Nederlands
- Guy Eugène Dubois
Norsk
- Kåre A. Lie
Srpski
- Branislav Kovačević (2024)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
විධාපථ (නාගසමාල) සූත්‍රය
විවරණ [0]