පරිවර්තන [16]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- buddha-vacana.org
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2012)
Português
- Michael Beisert (2013)
Русский
- SV theravada.ru (2014)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন স্থবির, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පඨම වලාහකොපම සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටානන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එකල්හි වනාහි, ’මහණෙනි’ යි කියා භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක. ඒ භික්‍ෂූහු, ’පින්වතුන් වහන්සැ’ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මේ වක්‍ෂයමාන සූත්‍රය වදාළ සේක.
’’මහණෙනි, මේ වලාහකයෝ සතර දෙනෙක් වෙති. කවර සතර දෙනෙක්ද යත්, ගර්ජනා කරන්නාහුය, නොවසින්නාහුය, වසින්නාහුය, ගර්ජනා නොකරන්නාහුය, නොවසින්නේද, ගර්ජනා නොකරන්නේද, ගර්ජනා කරන්නේද, වසින්නේද, මහණෙනි, මේ සතර වළාහකයෝය.
’’මහණෙනි, එසේම වළාහකයන්ට උපමා ඇති පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්, ගර්ජනා කරන්නාහුය, නොවසින්නාහුය, වසින්නාහුය, ගර්ජනා නොකරන්නාහුය, ගර්ජනා නොකරන්නාහුය, නොවසින්නාහුය, ගර්ජනා කරන්නාහුද, වසින්නාහුද වෙත්.
’’මහණෙනි, කෙසේනම් පුද්ගල තෙම ගර්ජනා සහිත වේද, නොවසින්නේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් කියන්නේ වේද, නොකරන්නේ වේද, මහණෙනි, ගර්ජනා කරණ ලද, නොවසින ලද වලාකුලක් යම් සේ නම්, මම මේ පුද්ගලයා එබඳු යයි කියමි.
’’වසින ලද, ගර්ජනා නොකරණ ලද පුද්ගලයා කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් කරන්නේ වේද, නොකියන්නේ වේද, මහණෙනි, මේ පුද්ගල තෙම මෙසේ වසින්නේ වේ, ගර්ජනා නොකරන්නේ වේ. මහණෙනි, වසින්නාවූ ගර්ජනා නොකරන්නාවූ ඒ වලාකුල යම් සේද? මම මේ පුද්ගලයා එබඳු යයි කියමි.
’’මහණෙනි, කෙසේනම් පුද්ගල තෙම ගර්ජනා නොකරන්නේ වේද, නොවසින්නේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් නොකියන්නේත් වේද, නොකරන්නේත් වේද, මහණෙනි, මෙබඳු පුද්ගල තෙම ගර්ජනා නොකරන්නේ වේ. නොවසින්නේ වේ. මහණෙනි, ගර්ජනා නොකරණ, නොවසින ඒ වලාකුල යම් සේද, මහණෙනි, මේ පුද්ගලයා එබඳු යයි කියමි.
’’මහණෙනි, කෙසේනම් පුද්ගල තෙම ගර්ජනා කරණ ලද්දේද, වසින ලද්දේද වේද, මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් කියන්නේද, කරන්නේ වේද, මහණෙනි, මෙබඳු පුද්ගල තෙම ගර්ජනා කරන්නේද, වසින්නේද වේ. මහණෙනි, ගර්ජනා කරන්නාවූද, වසින්නාවූද, ඒ වලාකුල යම් සේද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු යයි කියමි. මහණෙනි, මේ වලාකුල්වලට උපමා ඇති පුද්ගලයන් සතර දෙන ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.’’
පරිවර්තන [16]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- buddha-vacana.org
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2012)
Português
- Michael Beisert (2013)
Русский
- SV theravada.ru (2014)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন স্থবির, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පඨම වලාහකොපම සූත්‍රය
විවරණ [0]