බරවීම්

The Numbered Discourses

AN4.269 ඵරුසාවාච සුගති දුග්ගති සූත්‍රය

පරිවර්තන [12]

ඵරුසාවාච සුගති දුග්ගති සූත්‍රය

’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ නරකයෙහි වේ.

’’පරුෂ වචන කියන්නේ වේද, අනුන් ඵරුෂ වචන කීමෙහි සමාදන් කරවයිද, ඵරුෂ වචන කීමෙහි අනුදන්නේ වේද, පරුෂ වචන කීමෙහි ගුණ කියයිද,

’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ නරකයෙහි වේ.

’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ ස්වර්‍ගයෙහි වේ.

’’තමන්ද ඵරුෂ වචනයෙන් වෙන්වූයේ වේද, අනුන්ද ඵරුෂ වචනයෙන් වෙන්වීමෙහි සමාදන් කරවයිද, ඵරුෂ වචනයෙන් වෙන්වීමෙහි අනුදන්නේ වේද, ඵරුෂ වචනයෙන් වෙන්වීමෙහි ගුණ කියයිද,

’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ ස්වර්‍ගයෙහි වේ.

විවරණ [0]