පරිවර්තන [14]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- buddha-vacana.org
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Русский
- SV theravada.ru (2013)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন স্থবির, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
දක්ඛිණ විභඞ්ග සූත්‍රය
’’මහණෙනි, දක්‍ෂිණාව (දානය) පිරිසිදුවන කරුණු සතරක් වෙත්. කවර සතරක්ද යත්?
’’මහණෙනි, දායකයා නිසා පිරිසිදුවන, ලබන්නා නිසා පිරිසිදු නොවන දානයක් ඇත. මහණෙනි, දන් ලබන්නා නිසා පිරිසිදු වන, දායකයා නිසා පිරිසිදු නොවන දානයක් ඇත. මහණෙනි, දායකයා නිසාද, දානය ලබන්නා නිසාද පිරිසිදු නොවන දානයක් ඇත. මහණෙනි, දායකයා නිසාද, දානය ලබන්නා නිසාද පිරිසිදුවන දානයක් ඇත.
’’මහණෙනි, දායකයා නිසා පිරිසිදු වන, දානය ලබන්නා නිසා පිරිසිදු නොවන දානය කවරේද? මහණෙනි, මේ ලොකයෙහි දායක තෙම සිල්වත් වේද, යහපත් ස්වභාව ඇත්තේ වේද, ප්‍රතිග්‍රාහකයන් (දානය ලබන්නන්) දුශ්ශිලද, ලාමක හැසිරීම් ඇත්තේද, මහණෙනි, මෙසේ වනාහි දක්‍ෂිණාව (දානය) දායකයා නිසා පිරිසිදුවේ. ප්‍රතිග්‍රාහකයා නිසා පිරිසිදු නොවේ.
’’මහණෙනි, කෙසේ නම් දානය, දානය ලබන්නාගෙන් පිරිසිදු වේද, දායකයාගෙන් පිරිසිදු නොවේද? මහණෙනි, මේ දායකයෙක් දුශ්ශිලද, ලාමක ස්වභාව ඇත්තේද, දානය ලබන්නන් සීලවන්තද, යහපත් ස්වභාව ඇත්තේද, මහණෙනි, මෙසේ දක්‍ෂිණාව දායකයාගෙන් නොව දානය ලබන්නාගෙන් ශුද්‍ධ වේ.
’’මහණෙනි, කෙසේ නම් දක්‍ෂිණාව (දානය) දායකයාගෙනුත්, දානය ලබන්නාගෙනුත් ශුද්‍ධ නොවේද, මහණෙනි, මෙහි දායකයෙක් දුශ්ශීලද, ලාමක ස්වභාව ඇත්තේද, දානය ලබන්නන්ද දුශ්ශීලද, ලාමක ස්වභාව ඇත්තාහුද, මහණෙනි, දක්‍ෂිණාව මෙසේ දායකයාගෙනුත්, දානය ලබන්නාගෙනුත් ශුද්‍ධ නොවේ.
’’මහණෙනි, කෙසේ නම් දක්‍ෂිණාව (දානය) දානය ලබන්නන්ගෙන්ද, දායකයාගෙන්ද ශුද්‍ධ වේද? මහණෙනි, මෙහි දායකයෙක් සිල්වත්ද, යහපත් ස්වභාව ඇත්තේද, දානය ලබන්නන්ද සිල්වත්ද, යහපත් ස්වභාව ඇත්තේද, මහණෙනි, මෙසේ වනාහි දක්‍ෂිණාව (දානය) දායකයා කෙරෙන්ද, දානය ලබන්නා කෙරෙන්ද ශුද්‍ධ වේ. මහණෙනි, මේ දක්‍ෂිණා (දාන) විසුද්‍ධි සතරය.’’
පරිවර්තන [14]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- buddha-vacana.org
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Русский
- SV theravada.ru (2013)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন স্থবির, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
දක්ඛිණ විභඞ්ග සූත්‍රය
විවරණ [0]