පරිවර්තන [15]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2012)
Русский
- o Dhamma.gift (2026)
- SV theravada.ru (2025)
বাংলা
- প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
කාම භය සූත්‍රය
’’මහණෙනි, භය යනු කාමයන්ට මේ නමකි. මහණෙනි, දුක යනු කාමයන්ට නමකි. ලෙඩ යනු කාමයන්ට නමකි. ගඬ යනු කාමයන්ට නමකි. සඞ්ග යනු කාමයන්ට නමකි. (කෙලෙස්) මඬ යනු කාමයන්ට මේ නමකි. භය යනු (කාමයන්ට නමකි.)
’’කවර හෙයින් කාමයන්ට මේ නම්ද ? මහණෙනි, කාම රාගයෙන් ඇලී සිටි, ඡන්‍ද රාගයෙන් තදින් නිතර බැඳී සිටි මේ තෙමේ මෙලොවත් භයින් නොමිදෙයි. පරලොවත් භයින් නොමිදේ. එහෙයින් භය යනු කාමයන්ට මේ නමෙකි.
’’කවර හෙයින් කාමයන්ට මේ නම්ද ? මහණෙනි, කාම රාගයෙන් ඇලී සිටි, ඡන්‍ද රාගයෙන් තදින් නිතර බැඳී සිටි මේ තෙමේ මෙලොවත් භයින් නොමිදෙයි. පරලොවත් භයින් නොමිදේ. එහෙයින් දුක යනු කාමයන්ට මේ නමෙකි.
’’කවර හෙයින් කාමයන්ට මේ නම්ද ? මහණෙනි, කාම රාගයෙන් ඇලී සිටි, ඡන්‍ද රාගයෙන් තදින් නිතර බැඳී සිටි මේ තෙමේ මෙලොවත් භයින් නොමිදෙයි. පරලොවත් භයින් නොමිදේ. එහෙයින් ලෙඩ යනු කාමයන්ට මේ නමෙකි.
’’කවර හෙයින් කාමයන්ට මේ නම්ද ? මහණෙනි, කාම රාගයෙන් ඇලී සිටි, ඡන්‍ද රාගයෙන් තදින් නිතර බැඳී සිටි මේ තෙමේ මෙලොවත් භයින් නොමිදෙයි. පරලොවත් භයින් නොමිදේ. එහෙයින් ගඬ යනු කාමයන්ට මේ නමෙකි.
’’කවර හෙයින් කාමයන්ට මේ නම්ද ? මහණෙනි, කාම රාගයෙන් ඇලී සිටි, ඡන්‍ද රාගයෙන් තදින් නිතර බැඳී සිටි මේ තෙමේ මෙලොවත් භයින් නොමිදෙයි. පරලොවත් භයින් නොමිදේ. එහෙයින් සඞ්ග යනු කාමයන්ට මේ නමෙකි.
’’කවර හෙයින් කාමයන්ට මේ නම්ද ? මහණෙනි, කාම රාගයෙන් ඇලී සිටි, ඡන්‍ද රාගයෙන් තදින් නිතර බැඳී සිටි මේ තෙමේ මෙලොවත් භයින් නොමිදෙයි. පරලොවත් භයින් නොමිදේ. එහෙයින් මඬ යනු කාමයන්ට මේ නමෙකි.
’’භයද, දුකද, ලෙඩද, ගඬද, සංගයද, මඬද යන මොහු පෘථජ්ජන සත්ත්‍වයා මෙහි කැමැති වන බැවින් කාමයෝ යයි කියනු ලැබෙත්.
’’ඉපදීම හා මරණය පහළවන පස් උපාදානයෙහි භය දැක ඉපදීම හා මරණ ඇති සංස්කාරයන් නොගෙන විශෙෂ ෂයෙන් මිදෙත්.
’’නිර්භයට පත්, සැපවත්, මෙලොවදීම මනාව නිවී ගිය, සියලු වෛර හා භය ඉක්මවූ ඔහු සියලු දුකින් එතරව ගියාහුය.’’
පරිවර්තන [15]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2012)
Русский
- o Dhamma.gift (2026)
- SV theravada.ru (2025)
বাংলা
- প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
කාම භය සූත්‍රය
විවරණ [0]