පරිවර්තන [16]
English
- Bhikkhu Sujato
- Bhikkhu Thanissaro (1998)
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2014)
Português
- Michael Beisert (2014)
Русский
- SV theravada.ru (2025)
বাংলা
- সুমঙ্গল বড়ুয়া (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පඨම භික්ඛු අපරිහානිය සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ආසන්නයෙහිවූ ගිජුකුළු පව්වෙහි වැඩවසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. ’’මහණෙනි, තොපට සප්ත අපරිහානිය ධර්මයන් දේශනා කරන්නෙමි. එය මනාකොට අසව්. සිහිකරව්. දේශනා කරන්නෙමි.’’ -- ’’එසේය ස්වාමීනි’’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළ සේක.
’’මහණෙනි, සප්ත අපරිහානිය ධර්‍මයෝ කවරහුද? මහණෙනි, යම්තාක් භික්‍ෂූහු රැස්වීම් බහුලකොට ඇත්තාහු රැස්වෙද්ද මහණෙනි, භික්‍ෂූන්ගේ අභිවෘද්ධිය බලාපොරොත්තු විය යුතුයි. පිරිහීමක් නොවේ.
’’මහණෙනි, යම්තාක් වනාහි භික්‍ෂූහු සමගිව රැස්වෙද්ද, සමගිව නැගීසිටිද්ද, සමගිව සංඝයා පිළිබඳ කටයුතු කෙරෙද්ද, මහණෙනි, භික්‍ෂූන්ගේ අභිවෘද්ධිය බලාපොරොත්තු විය යුතුයි. පිරිහීමක් නොවේ.
’’මහණෙනි, යම්තාක් වනාහි භික්‍ෂුහු නොපැණවූවක් නොපණවද්ද, පැණවූදේ නොබිඳිද්ද, යම්සේ පණවන ලද ශික්‍ෂා පදයන් සමාදන්ව සිටිද්ද, මහණෙනි, භික්‍ෂූන්ගේ අභිවෘද්ධිය බලාපොරොත්තු විය යුතුයි. පිරිහීමක් නොවේ.
’’මහණෙනි, යම්තාක් වනාහි භික්‍ෂුහු යම් ඒ පැවිදිව බොහෝකල්වූ, බොහෝ රාත්‍රීන් දන්නාවූ, සඞ්ඝ පීතෘවරු, සඞ්ඝ නායකවරු වෙද්ද, උන්වහන්සේලාට සත්කාර කෙරෙද්ද, ගරුකාර කෙරෙද්ද, බහුමාන කෙරෙද්ද, පුදද්ද? උන්වහන්සේලාගෙන් ඇසිය යුත්තක් ඇතැයි සිතත්ද, මහණෙනි, භික්‍ෂූන්ගේ අභිවෘද්ධිය බලාපොරොත්තු විය යුතුයි. පිරිහීමක් නොවේ.
’’මහණෙනි, යම්තාක් වනාහි භික්‍ෂුහු උපන්නාවූ, නැවත භවයක් ඇතිකරන්නාවූ තෘෂ්ණාවගේ වසඟයට නොයද්ද, මහණෙනි, භික්‍ෂූන්ගේ අභිවෘද්ධිය බලාපොරොත්තු විය යුතුයි. පිරිහීමක් නොවේ.
’’මහණෙනි, යම්තාක් වනාහි භික්‍ෂුහු අරණ්‍ය සේනාසනයන්හි බලාපොරොත්තුව ඇතිකර ගනිද්ද, මහණෙනි, යම් හෙයකින් වනාහි භික්‍ෂූහු වෙන් වෙන්ව කිමෙක්ද නොපැමිණියාවූ ප්‍රියශීලී සබ්‍රම්සරුන් පැමිණෙන්නාහුද, පැමිණියාවූ ප්‍රියශීලී සබ්‍රම්සරුන් සැපසේ වෙසෙන්නාහුදැයි සිහිය පිහිටුවද්ද, මහණෙනි, භික්‍ෂූන්ගේ අභිවෘද්ධිය බලාපොරොත්තු විය යුතුයි. පිරිහීමක් නොවේ.
’’මහණෙනි, යම්තාක් මේ සප්ත අපරිහානිය ධර්‍මයෝ භික්‍ෂූන් කෙරෙහි පිහිටා තිබෙද්ද, භික්‍ෂූහු මේ සප්ත අපරිහානිය ධර්මයන් භික්‍ෂූන් කෙරෙහි තිබෙනු පෙණෙද්ද, මහණෙනි, භික්‍ෂූන්ගේ අභිවෘද්ධිය බලාපොරොත්තු විය යුතුයි. පිරිහීමක් නොවේ.
පරිවර්තන [16]
English
- Bhikkhu Sujato
- Bhikkhu Thanissaro (1998)
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2014)
Português
- Michael Beisert (2014)
Русский
- SV theravada.ru (2025)
বাংলা
- সুমঙ্গল বড়ুয়া (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පඨම භික්ඛු අපරිහානිය සූත්‍රය
විවරණ [0]