බරවීම්

පරිවර්තන [15]

ස්ත්‍රී බන්‍ධන සූත්‍රය

’’මහණෙනි, ආකාර අටකින් පුරුෂ තෙම ස්ත්‍රිය බඳියි. (සිත්ගනී.) කවර අටකින්ද යත්? මහණෙනි, පුරුෂ තෙම රූපයෙන් ස්ත්‍රිය බඳී. (ස්ත්‍රියගේ සිත් ගනී.) මහණෙනි, සිනහවෙන් පුරුෂ තෙම ස්ත්‍රිය බඳී. මහණෙනි, කථාවෙන් පුරුෂ තෙම ස්ත්‍රිය බඳී. මහණෙනි, ගීතයෙන් පුරුෂ තෙම ස්ත්‍රිය බඳී. මහණෙනි, හැඬීමෙන් පුරුෂ තෙම ස්ත්‍රිය බඳී. මහණෙනි, ආකල්පයෙන් හැඳීම් පෙරවීම් ආදී විධියෙන් පුරුෂ තෙම ස්ත්‍රිය බඳී. මහණෙනි, පළතුරු ආදිය දීමෙන් පුරුෂ තෙම ස්ත්‍රිය බඳී. මහණෙනි, ස්ඵර්‍ශයෙන් පුරුෂ තෙම ස්ත්‍රිය බඳී. මහණෙනි, මේ ආකාර (ක්‍රම) අටින් පුරුෂ තෙම ස්ත්‍රිය බඳී. මහණෙනි, යම් කෙනෙක් සත්ත්‍වයන් ස්ඵර්‍ශයෙන් බැන්දාහු නම් ඒ බැඳීම තද බැඳීමයි.’’

විවරණ [0]