පරිවර්තන [19]
English
- Bhikkhu Sujato
- John D. Ireland (1997)
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org
Deutsch
- Karl Seidenstücker (1922)
- Sabbamitta
Italiano
- Enzo Alfano
Català
- Albert Biayna Gea
Português
- Michael Beisert (2014)
Русский
- SV theravada.ru (2014)
Nederlands
- Guy Eugène Dubois
Norsk
- Kåre A. Lie
Srpski
- Branislav Kovačević (2022)
Čeština
- Bhikkhu Gavésakó, Štěpán Chromovský
Lietuvių Kalba
- Sayalay Piyadassi (2023)
Việt Ngữ
- Thích Minh Châu
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සත්කාරාභිභූත සූත්‍රය
“මහණෙනි, සත්කාරයෙන් මඩනාලද්දාවූ හාත්පස අල්වා ගන්නාලද්දාවූ සිත් ඇති යටපත් කරනලද්දාවූ ක්ෂයයට පමුණුවනලද සිත් ඇත්තාවූ සත්වයෝ ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැපයෙන් පහවූ දුකට පිළිසරණවූ නපුරුසේ වැටෙන්නාවූ නරකයෙහි උපන්නෝ මා විසින් දක්නා ලද්දාහ. මහණෙනි, යටපත් කරනලද්දාවූ හාත්පස අල්වාගන්නා ලද සිත් ඇති සත්වයෝ කයබිඳීමෙන් මරණින් මත්තෙහි සැපයෙන් තොරවූ දුකට පිහිටවූ නපුරුසේ වැටෙන්නාවූ නිරයයෙහි උපන්නෝ මා විසින් දක්නා ලද්දාහුය. මහණෙනි සත්කාරයෙන්ද අසත්කාරයෙන්ද ඒ සත්කාර අසත්කාර දෙකින්ද, මැඩුනාවූ අල්වාගන්නාලද සිත් ඇති සත්වයෝ කය බිඳීමෙන් මරණින් මත්තෙහි සැපයෙන් තොරවූ දුකට පිහිටවූ නපුරු සේ වැටෙන්නාවූ නිරයයෙහි උපන්නෝ මා විසින් දක්නා ලද්දාහුය.
“මහණෙනි, මම ඒ ප්‍රකාශය වූකලි අන් මහණෙකුගේ හෝ බමුණෙකුගේ හෝ බස් අසා නොව “මහණෙනි, සත්කාරයෙන් හෝ සත්කාර හෙතුකොට ඇති මාන මදාදියෙන් හෝ මඩනාලද්දාවූ හාත්පසින් අල්ලාගන්නාලද සිත් ඇත්තාවූ සත්වයෝ ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැපයෙන් පහවූ නපුරුගති ඇත්තාවූ නපුරුසේ වැටෙන්නාවූ නරකයෙහි උපන්නාහු මා විසින් දක්නා ලද්දාහුය. මහණෙනි, අසත්කාරයෙන් මඩනාලද්දාවූ හාත්පස අල්ලාගන්නාලද සිතැත්තාවූ සත්වයෝ ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැපයෙන් වෙන්වූ දුර්ගති ඇත්තාවූ නපුරුසේ වැටෙන්නාවූ නරකයෙහි උපන්නෝ ම විසින් දක්නා ලද්දාහුයයි නොමකියමි. මහණෙනි, සත්කාරයෙන්ද අසත්කාරයෙන්ද ඒ සත්කාර අසත්කාර දෙකින්ද මඩනා ලද්දාවූ සත්වයෝ ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැපයෙන් පහවූ නපුරුගති ඇත්තාවූ නපුරු සේ වැටෙන්නාවූ නරකයෙහි උපන්නෝ මා විසින් දක්නා ලද්දාහුය.
“නැවතද කරුණක් ඇත. මහණෙනි, සත්කාරයෙන් මඩනාලද්දාවූ හාත්පස අල්ලාගන්නාලද සිතැත්තාවූ සත්වයෝ ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු සැපයෙන් පහවූ දුක්ගති ඇත්තාවූ නපුරුසේ වැටෙන්නාවූ නිරයයෙහි උපන්නාහු මා විසින් දක්නා ලද්දාහුය. මහණෙනි, අසත්කාරයෙන් මඩනා ලද්දාවූ හාත්පස අල්ලාගන්නාලද්දාවූ සිතැති සත්වයෝ ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැපයෙන් පහවූ දුක්ගති ඇත්තාවූ නපුරුසේ වැටෙන්නාවූ නරකයෙහි උපන්නෝ මා විසින් දක්නා ලද්දාහුය. මහණෙනි, සත්කාරයෙන්ද අසත්කාරයෙන්ද ඒ දෙකින්ද මඩනා ලද්දාවූ හාත්පස අල්ලා ගන්නා ලද්දාවූ සිතැති සත්වයෝ මරණින් මත්තෙහි සැපයෙන් පහවූ දුකට පිළිසරණවූ විවිධව හෝ විකාරයෙන් වැටෙනු ලබන්නාවූ නරකයෙහි උපන්නෝ මා විසින් දක්න ලද්දාහුයයි මා විසින් යමක්ම තමා විසින් දන්නා ලදද, තමා විසින් දක්නා ලදද, තමා විසින් ප්‍රකටකොට දන්නා ලදද, එයම මම කියමියි.”
මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේයයි මා විසින් අසනලදී.
“සත්කාර කරනු ලබන්නාවූ අප්‍රමාණ විහරණය ඇත්තාවූ යම්රහතන් වහන්සේ කෙනෙකුන්ගේ සමාධිය (සත්කාරයෙන්ද අසත්කාරයෙන්ද සත්කාර අසත්කාර දෙකින්ද) නොසැලේද, (එකඟ බවෙහිම සිටීද.)
“ධ්‍යාන කරන සුලුවූ නිතර පැවැති කායික චෛතසික වීර්යය ඇත්තාවූ සියුම් දෘෂ්ටි ප්‍රඥාවෙන් විදර්ශනාව ඇත්තාවූ (සතර උපාදානයන්ගේ ක්ෂය ඇලුම්කොට ඇත්තාවූ ඒ රහත්හු ශාන්ත පුරුෂයයි (බුද්ධාදීහු) කියත් යයි.”
පරිවර්තන [19]
English
- Bhikkhu Sujato
- John D. Ireland (1997)
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org
Deutsch
- Karl Seidenstücker (1922)
- Sabbamitta
Italiano
- Enzo Alfano
Català
- Albert Biayna Gea
Português
- Michael Beisert (2014)
Русский
- SV theravada.ru (2014)
Nederlands
- Guy Eugène Dubois
Norsk
- Kåre A. Lie
Srpski
- Branislav Kovačević (2022)
Čeština
- Bhikkhu Gavésakó, Štěpán Chromovský
Lietuvių Kalba
- Sayalay Piyadassi (2023)
Việt Ngữ
- Thích Minh Châu
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සත්කාරාභිභූත සූත්‍රය
විවරණ [1]
English