පරිවර්තන [19]
English
- Bhikkhu Sujato
- John D. Ireland (1997)
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org
Deutsch
- Karl Seidenstücker (1922)
- Sabbamitta
Italiano
- Enzo Alfano
Català
- Albert Biayna Gea
Português
- Michael Beisert (2006)
Русский
- SV theravada.ru (2014)
Nederlands
- Guy Eugène Dubois
Norsk
- Kåre A. Lie
Srpski
- Branislav Kovačević (2022)
Čeština
- Bhikkhu Gavésakó, Štěpán Chromovský
Lietuvių Kalba
- Sayalay Piyadassi (2023)
Việt Ngữ
- Thích Minh Châu
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
අන්ධකරණ සූත්‍රය
“මහණෙනි, අඳුරු කරන්නාවූ නුවණැස වසන්නාවූ නොදැනීම කරන්නාවූ ප්‍රඥා නොපැවැත්ම කරන්නාවූ දුක් පක්ෂයෙහි පවත්නාවූ නිර්වාණයට නොපවත්නාවූ මේ තුන් අකුශල විතර්ක කෙනෙක් වෙති. කවර තුනෙක්දයත්? මහණෙනි, කාම ප්‍රතිසංයුක්ත විතර්කය ඇඳිරිය කරන්නේය. නුවණැස වසන්නේය. නොදැනීම කරන්නේය. ප්‍රඥාව නිරුද්ධ කරන්නේය. දුක් නම් පීඩා පක්ෂයෙහි පවත්නේය. (ක්ලේශ) නිර්වාණය පිණිස නොපවත්නේය.
මහණෙනි, ක්‍රොධය පිළිබඳ කල්පනාව අඳුරු කරන්නේය. නුවණැස වසන්නේය, නොදැනීම කරන්නේය. ප්‍රඥාව නොපැවැත්ම කරන්නේය. දුක් පක්ෂයෙහි පවත්නේය. (ක්ලේශ) නිර්වාණය පිණිස නොපවත්නේය. මහණෙනි, විහිංසා විතර්කය (වෙහෙසකිරීම පිළිබඳ කල්පනාව) අඳුරු කරන්නේය. නුවණැස වසන්නේය. නොදැනීම කරන්නේය. ප්‍රඥාව නොපැවැත්ම කරන්නේය. දුක් පක්ෂයෙහි පවත්නේය. (ක්ලේශ) නිර්වාණය පිණිස නොපවත්නේය. අඳුරු කරන්නාවූ නුවණැස වසන්නාවූ නොදැනීමකරන්නාවූ ප්‍රඥාව නොපැවැත්ම කරන්නාවූ දුක් පක්ෂයෙහි පවත්නාවූ (ක්ලේශ) නිර්වාණය පිණිස නොපවත්නාවූ මේ වනාහි තුන් අකුශල විතර්කයෝ වෙත්.
“මහණෙනි, අන්ධ නොකරන්නාවූ නුවණ ඇස ඇති කරන්නාවූ දැනීම කරන්නාවූ ප්‍රඥාවගේ වැඩීම කරන්නාවූ දුක් පක්ෂයෙහි නොපවත්නාවූ (ක්ලේශ) නිර්වාණය පිණිස පවත්නාවූ මේ තුන් කුශල විතර්ක කෙනෙක් වෙති. කවර තුන් විතර්කයෝද යත්? මහණෙනි, නිවන් පිළිබඳ කල්පනාව අන්ධ නොකරන්නේය. නුවණැස ඇති කරන්නේය. දැනීම් කරන්නේය. ප්‍රඥාවෘද්ධිය කරන්නේය. දුක් පක්ෂයෙහි පවත්නේය. නිවණ පිණිස පවත්නේය.
“මහණෙනි, මෛත්‍රිය පිළිබඳ කල්පනාම ඇඳිරිය නොකරන්නේය. නුවණැස ඇතිකරන්නේය. දැනීම කරන්නේය. ප්‍රඥාවගේ වැඩීම කරන්නේය. දුක් පක්ෂයෙහි නොපවත්නේය. නිවන් පිණිස පවත්නේය.
“මහණෙනි, කරුණාව පිළිබඳ කල්පනා අඳුරු නොකරන්නේය. නුවණැස ඇතිකරන්නේය. දැනීම කරන්නේය. ප්‍රඥාවගේ වැඩීම කරන්නේය. දුක් පක්ෂයෙහි පවත්නේය. නිවන් පිණිස පවත්නේය. මහණෙනි, මේ තුන් කුශල විතර්කයෝ වනාහි අන්ධ නොකරන්නාහුය. නුවණැස ඇතිකරන්නාහුය. දැනීම කරන්නාහුය. ප්‍රඥාවෘද්ධිය කරන්නාහුය. දුක් පක්ෂයෙහි පවත්නාහුය නිවන් පිණිස පවත්නාහුයයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“තුන් කුශල විතර්කයන් කල්පනා කරන්නේය, තුන් අකුශල විතර්කයන් දුරුකරන්නේය. හාත්පසින් නැංගාවූ ධූලි මහා අකාල මෙඝය සර්වප්‍රකාරයෙන් සංසිඳුවන්නාසේ ඒ මහණතෙමේ ඒකාන්තයෙන් (මිථ්‍යා විතර්කයන්ද ඒ විතර්කයන් හා එක්ව යෙදුනාවූ විචාරයන්ද සහමුලින් නසයි. ඒ මහණතෙමේ ඒකාන්තයෙන් මේ භවයෙහිම නිර්වාණ පදයට පැමිණියේ යයි.”
පරිවර්තන [19]
English
- Bhikkhu Sujato
- John D. Ireland (1997)
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org
Deutsch
- Karl Seidenstücker (1922)
- Sabbamitta
Italiano
- Enzo Alfano
Català
- Albert Biayna Gea
Português
- Michael Beisert (2006)
Русский
- SV theravada.ru (2014)
Nederlands
- Guy Eugène Dubois
Norsk
- Kåre A. Lie
Srpski
- Branislav Kovačević (2022)
Čeština
- Bhikkhu Gavésakó, Štěpán Chromovský
Lietuvių Kalba
- Sayalay Piyadassi (2023)
Việt Ngữ
- Thích Minh Châu
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
අන්ධකරණ සූත්‍රය
විවරණ [0]