පරිවර්තන [20]
English
- Bhikkhu Sujato
- John D. Ireland (1997)
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org
Deutsch
- Karl Seidenstücker (1922)
- Sabbamitta
Italiano
- Enzo Alfano
Català
- Albert Biayna Gea
Português
- Michael Beisert (2012)
Русский
- SV theravada.ru (2014)
Nederlands
- Guy Eugène Dubois
Norsk
- Kåre A. Lie
Magyar
- Máthé Veronika (2011)
Srpski
- Branislav Kovačević (2022)
Čeština
- Bhikkhu Gavésakó, Štěpán Chromovský
Lietuvių Kalba
- Sayalay Piyadassi (2023)
Việt Ngữ
- Thích Minh Châu
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
අග්ගප්පසාද සූත්‍රය
“මහණෙනි, මේ අග්‍රවූ රත්නත්‍රය කෙරෙහි හෝ ශ්‍රෙෂ්ඨවූ පැහැදීම් තුණක්වෙත්, කවරතුණක්ද යත්, මහණෙනි, පානැත්තාවූද දෙපා ඇත්තාවූද සිවුපා ඇත්තාවූද බොහෝ පා ඇත්තාවූද රූ ඇත්තාවූද රූනැත්තාවූද සංඥාව ඇත්තාවූද සංඥාව නැත්තාවූද භවාග්‍රයට ඇතුළත්වූද යම් පමණ සත්වයෝ වෙද්ද, ඒ සත්වයන් අතුරෙන් තථාගත නම්වූ අර්හත් සම්‍යක් සම්බුදුන් වහන්සේ ශ්‍රෙෂ්ඨයයි කියනු ලැබෙයි. මහණෙනි, යම්කෙනෙක් බුදුරජුන් කෙරෙහි පහන්වූවාහුද ඔහුතුමූ ශ්‍රෙෂ්ඨයා කෙරෙහි පැහැදුනෝවෙත්, ශ්‍රෙෂ්ඨවූ බුදුරුවනෙහි ප්‍රසන්නවූවන්ට ශ්‍රෙෂ්ඨවූ විපාකය වෙයි.
“මහණෙනි, ප්‍රත්‍යයන් එකතුව කරනලද්දාවූද හෙතු ප්‍රත්‍යයන් විසින්ද කිසිවෙකු විසින්ද නොකරනලද්දාවූද යම් පමණ ධර්මයෝ වෙද්ද, ඒ ධර්මයන් අතුරින් මත්ගති මර්දනය කිරීමට නිමිතිවූ පිපාස නැසීමට නිමිතිවූ සියලු ආලයන් වැනසීමට නිමිතිවූ සංසාරය සිඳීමට නිමිතිවූ තෘෂ්ණාව ක්ෂයවීමට නිමිතිවූ රාගය වැනසීමට නිමිතිවූ නොපැවැත්මවූ තෘෂ්ණාව නැත්තාවූ යම් මේ නිවනෙක්වේද, (ඒ නිවන) අග්‍රයයි කියනු ලැබේ. මහණෙනි යම්කෙනෙක් නිර්වාණ ධර්මයෙහි ප්‍රසන්නාවූවාහුද, ඔව්හු ශ්‍රෙෂ්ඨ ස්ථානයෙහි පැහැදුනෝවෙත්, අග්‍රස්ථානයෙහි පැහැදුනවුන්ට අග්‍රවූ විපාකයවෙයි.
“මහණෙනි, යම්පමණ (ජන) සමූහයෝද ගණයෝද වෙද්ද, ඔවුන් අතුරෙන් යම් මේ පුරුෂයුගල සතරක් වෙද්ද, පුරුෂ පුද්ගලයෝ අට දෙනෙක් වෙද්ද තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සමූහ තෙමේ අග්‍රයයි කියනු ලැබේ. භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රාවක සමූහතෙමේ දුරිනුදු ගෙණ ආ දන් පිළිගැන්මට සුදුසුය, දුරිනුදු අවුත් දියයුතු සත්කාරාදිය පැමිණවීමට සුදුසුය, අමුතු මහදන් පිළිගැන්මට සුදුසුය, කරන සත්කාරය පිළිගැණීමට සුදුසුය, (පරලොව අදහා දියයුතු දක්ෂිණාව පිළිගැණීමට සුදුසුය, කරනු ලබන ඇඳිලිබැඳීමට සුදුසුය. (සියලු) ලෝවැස්සාගේ අසමානවූ පින් කෙතවේ, මහණෙනි, යම් කෙනෙක් සංඝයා කෙරෙහි පැහැදුනාහුවෙද්ද, ඔහු තුමූ ශ්‍රෙෂ්ඨස්ථානයෙහි ප්‍රසන්න වූවාහුය, අග්‍රස්ථානයෙහි පැහැදුනවුන්ට අග්‍රවූ විපාකයවේ. මහණෙනි, මේ වනාහි තුන් අග්‍රප්‍රසාදයෝ වෙත්යයි භාග්‍යවතුන් වහන්සේ මේ අර්ථය වදාළසේක.
එහි (ගාථාවෙන්) මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“අග්‍රවූ තෙරුවන් කෙරෙහි හෝ ශ්‍රෙෂ්ඨ භාවයෙන් හෝ පැහැදුනාවූ (තෙරුවනගේ) අග්‍ර ස්වභාවය ගුණස්වභාවය දන්නවුන්ට විපාකය අග්‍රවේ. ශ්‍රෙෂ්ඨවූ දක්ෂිණාවට සුදුසුවූ අග්‍රවූ බුදුරජුන් කෙරෙහි පැහැදුනවුන්ටද, (සියලු) රාගයාගේ අතිශයින් නැසීමට හෙතුවූද සංසිඳුවීමට හේතුවූද (සංස්කාරයන්ගේ සංසිඳීම සුවය බැවින්ද සැප ඇත්තාවූ ශ්‍රෙෂ්ඨ ධර්මයෙහි පැහැදුනවුන්ටද, නිරුත්තර පින්කෙත්වූ ශ්‍රෙෂ්ඨවූ (ආර්ය) සංඝයා කෙරෙහිද පැහැදුනවුන්ටද ශ්‍රෙෂ්ඨ රත්නත්‍රය විෂයයෙහි දන්දෙන්නවුන්ට අග්‍ර පින් වැඩෙයි, අග්‍රවූ ආයුෂද රූප සම්පත්තියද පිරිවරද ගුණ ඝොෂයද සුවයද (කාය) බලය හා ඤාණ බලයද වැඬේ. ශ්‍රෙෂ්ඨරත්නත්‍රයට හෝ අග්‍රදානවස්තුව මහත්කොට හෝ දෙන්නාවූ නුවණැත්තාවූ අග්‍රවූ ප්‍රසාදධර්මයෙන් හෝ අග්‍රදෙය ධර්මයෙන් යුක්තවූ පුද්ගලතෙමේ දෙවිවූයේ හෝ මිනිස්වූයේ හෝ ශ්‍රෙෂ්ඨ බවට හෝ අග්‍රවූ ලොකොත්තර මාර්ගඵලයට හෝ පැමිණියේ විශෙෂයෙන් සතුටුවේයයි. මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේයයි මාගේ ඇසීමවේ.”
පරිවර්තන [20]
English
- Bhikkhu Sujato
- John D. Ireland (1997)
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org
Deutsch
- Karl Seidenstücker (1922)
- Sabbamitta
Italiano
- Enzo Alfano
Català
- Albert Biayna Gea
Português
- Michael Beisert (2012)
Русский
- SV theravada.ru (2014)
Nederlands
- Guy Eugène Dubois
Norsk
- Kåre A. Lie
Magyar
- Máthé Veronika (2011)
Srpski
- Branislav Kovačević (2022)
Čeština
- Bhikkhu Gavésakó, Štěpán Chromovský
Lietuvių Kalba
- Sayalay Piyadassi (2023)
Việt Ngữ
- Thích Minh Châu
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
අග්ගප්පසාද සූත්‍රය
විවරණ [0]