පරිවර්තන [19]
English
- Bhikkhu Sujato
- John D. Ireland (1997)
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org
Deutsch
- Karl Seidenstücker (1922)
- Sabbamitta
Italiano
- Enzo Alfano
Català
- Albert Biayna Gea
Português
- Michael Beisert (2006)
Русский
- SV theravada.ru (2014)
Nederlands
- Guy Eugène Dubois
Norsk
- Kåre A. Lie
Srpski
- Branislav Kovačević (2022)
Čeština
- Bhikkhu Gavésakó, Štěpán Chromovský
Lietuvių Kalba
- Sayalay Piyadassi (2023)
Việt Ngữ
- Thích Minh Châu
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සංඝාටිකණ්ණ සූත්‍රය
“මහණෙනි, ඉදින් මහණතෙමේ (මාගේ) සඟළ සිවුරුකොණ අල්වාගෙන පිටිපසින් පිටිපසින් (මාගේ) පාතැබූතැන (ඔහුගේ) පාතබමින් මා අනුව යන්නෙක් වන්නේද ඒ මහණතෙමේද විෂම ලොභය බොහෝකොට ඇත්තේවේද, වස්තුකාම ක්ලේශ කාමයන්හි දැඩි ඇලුම් ඇත්තේවේද, ක්‍රොධවශයෙන් විකාරයට පැමිණි සිත් ඇත්තේවේද, ප්‍රදූෂ්‍යසිත් ඇත්තේවේද, මුළාවූ සිහිය ඇත්තේවේද, සම්‍යක් ප්‍රඥාව නැත්තේවේද, එකඟ නොවූ සිත් ඇත්තේවේද භ්‍රාන්තවූ සිත් ඇත්තේවේද, සංවර නොවූ ඉඳුරන් ඇත්තේවේද, එසේවුවද ඒ මහණ තෙමේ, මා කියනලද පිළිවෙත නොපුරන්නේ මා කෙරෙන් දුරෙහිමවේ, මමද ඔහුගෙන් දුරෙහිම වේ. ඊටහෙතු කවරේද? මහණෙනි, යම්හෙයකින් ඒ මහණතෙමේ නොදකීද, ධර්මය නොදක්නේ මා නොදකීද,
“මහණෙනි, ඉදින් ඒ මහණතෙමේ යොදුන් සියයක් සීයක් යොදුන් මත්තෙහි වසන්නේද, ඒ මහණ තෙමේ වනාහි විෂම ලොභය බහුලව නැත්තේවේද, වස්තුකාම ක්ලෙශකාමයන්හි දැඩි ඇලුම් නැත්තේවේද, (ක්‍රොධයෙන්) විකාරයට පැමිණි සිත් නැත්තේ වේද ප්‍රදූෂ්‍යසිත් නැත්තේවේද එළඹ සිටි සිහිය ඇත්තේවේද මනානුවණ ඇත්තේවේද, සමාධියෙන් යුක්තවූයේවේද එකඟ සිත් ඇත්තේවේද වැසුණු ඉඳුරන් ඇත්තේවේද, එසේවූ දුරසිටි හෙතෙම මාගේ සමීපයෙහිමවේ. මමද ඔහුගේ සමීපයෙහි වෙමි, ඊට හෙතු කවරේද, මහණෙනි, යම්හෙයකින් ඒ මහණ තෙමේ ධර්මය බලාද, ධර්මය බලන්නේ මා බලාද (එහෙයිනියි)”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“ඉදින් මහත් ආශාව ඇත්තාවූ ක්‍රොධය ඇත්තාවූ, තෘෂ්ණාවට දාසයෙකු වැනිව අනුව යන්නාවූ නොනිවියාවූ තෘෂ්ණාව නැත්තාවූ කෙලෙස් පිරිනිවියාවූ (බුදුන් වහන්සේට) ලුහුබඳින්නේ වන්නේද,
“ගිජුවූ ඒ පුද්ගලතෙම පහවූ තෘෂ්ණාව ඇත්තාවූ (බුදුන් වහන්සේට යම්පමණ දුරෙහිවේද, එයබලව, පණ්ඩිතවූ ඒ මහණතෙමේද (චතුස්සත්‍ය) ධර්මය දැන සුළං නැතිතන්හි විලක්සේ තෘෂ්ණාව නැත්තේ සංසිඳෙයි.
“තෘෂ්ණාව නැත්තාවූ කෙලෙස් පිරිනිවියාවූ ඒ මහණතෙමේ පහවූ තෘෂ්ණාව ඇත්තාවූ බුදුන් වහන්සේට (ධර්මය ස්වභාවයෙන්) සමීපයෙහිවූයේ යම් පමණද, (එය) බලවයි.”
පරිවර්තන [19]
English
- Bhikkhu Sujato
- John D. Ireland (1997)
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org
Deutsch
- Karl Seidenstücker (1922)
- Sabbamitta
Italiano
- Enzo Alfano
Català
- Albert Biayna Gea
Português
- Michael Beisert (2006)
Русский
- SV theravada.ru (2014)
Nederlands
- Guy Eugène Dubois
Norsk
- Kåre A. Lie
Srpski
- Branislav Kovačević (2022)
Čeština
- Bhikkhu Gavésakó, Štěpán Chromovský
Lietuvių Kalba
- Sayalay Piyadassi (2023)
Việt Ngữ
- Thích Minh Châu
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සංඝාටිකණ්ණ සූත්‍රය
විවරණ [0]