පරිවර්තන [18]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Claude Le Ninan, Chandhana Le Ninan (2023)
Deutsch
- Nyanaponika Thera (1967)
- Sabbamitta (2019)
Italiano
- Enzo Alfano (1999)
Русский
- SV theravada.ru (2013)
Norsk
- Kåre A. Lie (2016)
Magyar
- Fenyvesi Róbert (2011)
Srpski
- Branislav Kovačević (2023)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ධනුග්ගහ සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, යම්සේ වනාහි (දස දොළොස් වර්ෂයක්, ආචාර්‍ය්‍ය කුලයෙහි ඉගෙනගන්නාලද ශිල්ප ඇත්තාවූ) බොහෝ කාලයක් මුළුල්ලෙහි පුහුණු කරන ලද්දාවූ, රාජ කුලාදියෙහිදී දක්වනලද ශිල්ප ඇත්තාවූ, (පුරුෂයින් දෙදහසක) ශක්තියෙන් යුක්තවූ, දුනු දරන්නාවූ සතර දෙනෙක් සතර දිසාවෙහි සිටියාහු වෙත්ද, ඉක්බිති පුරුෂයෙක් එන්නේය. (අවුත්) ‘ඉගෙණගන්නාලද, ශිල්ප ඇත්තාවූ බොහෝ කාලයක් මුළුල්ලෙහි පුහුණු කරන ලද්දාවූ, රාජ කුලාදියෙහිදී දක්වනලද ශිල්ප ඇත්තාවූ, (පුරුෂයින් දෙදහසක) ශක්තියෙන් යුක්තවූ, දුනු දරන්නාවූ සතර දෙනෙක් සතර දිගින් විදිනලද හී පොළොවෙහි නොපිහිටි කල්හිම අල්ලාගෙන එන්නෙමියි’ කියන්නේ නම්, මහණෙනි, කෙසේ සිතන්නහුද? ජව වේගයෙන් යුක්තවූ, ඒ පුරුෂතෙම කෙළ පැමිණි ජවවේගයෙන් යුක්තවූයේයයි කීමට සුදුසු වෙයිද?”
“ස්වාමීනි, (දස දොළොස් වර්ෂයක් මුළුල්ලෙහි) ඉගෙන ගන්නාලද ශිල්ප ඇත්තාවූ, බොහෝ කාලයක් මුළුල්ලෙහි පුහුණු කරන ලද්දාවූ, රාජකුලාදියෙහිදී දක්වනලද ශිල්ප ඇත්තාවූ, (පුරුෂයින් දෙදහසක) ශක්තියෙන් යුක්තවූ, දුනු දරන්නාවූ එකකු විසින් විදිනලද හීය පොළොවෙහි නොපිහිටි කල්හි අල්ලාගෙන එන්නේ නම්, ජවවේගයෙන් යුක්තවූ ඒ පුරුෂ තෙමේය කෙළපැමිණි ජවවේගයෙන් යුක්තවූයේයයි කීමට සුදුසුය. (දස දොළොස් වර්ෂයක් මුළුල්ලෙහි) ඉගෙන ගන්නාලද ශිල්ප ඇත්තාවූ, බොහෝ කාලයක් මුළුල්ලෙහි පුහුණු කරන ලද්දාවූ, රාජකුලාදියෙහිදී දක්වනලද ශිල්ප ඇත්තාවූ, (පුරුෂයින් දෙදහසක) ශක්තියෙන් යුක්තවූ දුනු දරන්නාවූ, සතරදෙනෙකු විසින් විදිනලද හී අල්ලාගෙන එන්නේනම් ඔහුගේ ජවවේගය ගැන කියනුම කවරේද?”
“මහණෙනි, ඒ පුරුෂයාගේ ජවය (වේගය) යම්සේද, ඊට වඩා චන්ද්‍ර සූර්‍ය්‍යයන්ගේ ජවය (වේගය) අතිශයින් ශීඝ්‍රය. මහණෙනි, ඒ පුරුෂයාගේ ජවය යම්සේද, චන්ද්‍ර සූර්‍ය්‍යයන්ගේ ජවය යම්සේද, ඊට වඩා චන්ද්‍ර සූර්‍ය්‍යයන්ගේ ඉදිරියෙහි දුවන්නාවූ යම් දෙවියෝ වෙත්ද, ඒ දෙවියන්ගේ ජවය ඉතා සීඝ්‍රය. මහණෙනි, ඒ පුරුෂයාගේ ජවය යම්සේද, චන්ද්‍ර සූර්‍ය්‍යයන්ගේ ජවය යම්සේද, චන්ද්‍ර සූර්‍ය්‍යයන්ගේ ඉදිරියෙහි දුවන්නාවූ, යම් දෙවියෝ වෙත්ද, ඒ දෙවියන්ගේ ජවය යම්සේද, ඊට වඩා සීඝ්‍රව ආයුසංස්කාරයෝ ක්ෂය වෙත්.”
“මහණෙනි, එනිසා, මෙහිදී මෙසේ හික්මිය යුතුයි, (කෙසේද?) ‘අප්‍රමාදව වාසය කරමු’ කියායි. මහණෙනි, තොප මෙසේ වනාහි හික්මිය යුතුයි.”
(හයවෙනි ධනුග්ගහ සූත්‍රය නිමි.)
පරිවර්තන [18]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Claude Le Ninan, Chandhana Le Ninan (2023)
Deutsch
- Nyanaponika Thera (1967)
- Sabbamitta (2019)
Italiano
- Enzo Alfano (1999)
Русский
- SV theravada.ru (2013)
Norsk
- Kåre A. Lie (2016)
Magyar
- Fenyvesi Róbert (2011)
Srpski
- Branislav Kovačević (2023)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ධනුග්ගහ සූත්‍රය
විවරණ [1]
English