පරිවර්තන [16]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyanaponika Thera (1967)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron (2010)
Português
- Michael Beisert (2014)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2017)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন ভিক্ষু, আদিকল্যাণ ভিক্ষু, সীবক ভিক্ষু, রাহুল ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
කුලපුත්ත සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, ශ්‍රද්ධාවෙන් මහණවූ කුලපුත්‍රයාගේ ස්වභාවය මෙයවේ. යමෙක් රූපයෙහි අනාත්මය අනුව බලමින් වාසය කෙරේද, වේදනාවෙහි අනාත්මය අනුව බලමින් වාසය කෙරේද, සංඥාවෙහි අනාත්මය අනුව බලමින් වාසය කෙරේද, සංස්කාරයන්හි අනාත්මය අනුව බලමින් වාසය කෙරේද, විඤ්ඤාණයෙහි අනාත්මය අනුව බලමින් වාසය කෙරේද,
“හෙතෙම රූපයෙහි අනාත්මය අනුව බලමින් වාසය කරන්නේ, වේදනාවෙහි අනාත්මය අනුව බලමින් වාසය කරන්නේ, සංඥාවෙහි අනාත්මය අනුව බලමින් වාසය කරන්නේ, සංස්කාරයන්හි අනාත්මය අනුව බලමින් වාසය කරන්නේ, විඤ්ඤාණයෙහි අනාත්මය අනුව බලමින් වාසය කරන්නේ,
“රූපය දැනගනියි. වේදනාව දැනගනියි. සංඥාව දැනගනියි සංස්කාරයන් දැනගනියි. විඤ්ඤාණය දැනගනියි.
“හෙතෙම රූපය දැනගන්නේ, වේදනාව දැනගන්නේ, සංඥාව දැනගන්නේ, සංස්කාරයන් දැනගන්නේ, විඤ්ඤාණය දැනගන්නේ,
“රූපයෙන් මිදෙයි, වේදනාවෙන් මිදෙයි, සංඥාවෙන් මිදෙයි, සංස්කාරයන්ගෙන් මිදෙයි, විඤ්ඤාණයෙන් මිදෙයි” ඉපදීමෙන්, ජරාමරණයෙන්, සෝකයන්ගෙන්, හැඬීමෙන්, දුක්වලින්, දොම්නස්වලින්, වැලපීමෙන් මිදෙයි. දුකින් මිදේයයිද කියමි” යනුයි.
(දොළොස්වෙනි කුලපුත්ත සූත්‍රය නිමි.)
දසහතරවෙනි කුක්කුල වර්ගය නිමි.
කුක්කුල සූත්‍රය, අනිච්ච සූත්‍ර තුනය, දුක්ඛ සූත්‍රය, අනත්ත සූත්‍ර තුන සහ කුලපුත්ත සූත්‍ර සතරදැයි මේ වර්ගයෙහි සූත්‍ර දොළොසකි.
පරිවර්තන [16]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyanaponika Thera (1967)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron (2010)
Português
- Michael Beisert (2014)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2017)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন ভিক্ষু, আদিকল্যাণ ভিক্ষু, সীবক ভিক্ষু, রাহুল ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
කුලපුත්ත සූත්‍රය
විවරණ [1]
English