පරිවර්තන [18]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyanaponika Thera (1967)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron (2010)
Português
- Michael Beisert (2004)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2017)
Magyar
- Bartha Rita (2009)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন ভিক্ষু, আদিকল্যাণ ভিক্ষু, সীবক ভিক্ষু, রাহুল ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ආනන්ද සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“ආනන්දය, ඉදින් තොපගෙන් ‘ඇවැත්වූ ආනන්දය, කවර නම් ධර්මයන්ගේ ඉපදීම පෙනේද, විනාශය පෙනේද, පවත්නාවුන්ගේ දිරීම පෙනේදැයි,’ අසන්නාහු නම් ආනන්දය, මෙසේ අසන ලද්දාවූ තෙපි කුමකැයි ප්‍රකාශ කරන්නහුද?”
“ස්වාමීනි, මාගෙන් ‘ඇවත්වූ ආනන්දය, කවර නම් ධර්මයන්ගේ ඉපදීම පෙනේද, විනාශය පෙනේද, පවත්නාවුන්ගේ දිරීම පෙනේදැයි’ අසන්නාහු නම් ස්වාමීනි, මෙසේ අසන ලද්දාවූ මම මෙසේ ප්‍රකාශ කරන්නෙමි.
“ඇවැත්නි, රූපයාගේ ඉපදීම පෙනෙයි. නැසීම පෙනෙයි. පවත්නහුගේ දිරීම පෙනේ. වේදනාවගේ ඉපදීම පෙනේ. විනාශය පෙනේ. පවත්නාහුගේ දිරීම පෙනේ. සංඥාවගේ ඉපදීම පෙනේ. විනාශය පෙනේ. පවත්නාහුගේ දිරීම පෙනේ. සංස්කාරයන්ගේ ඉපදීම පෙනේ. විනාශය පෙනේ. පවත්නාහුගේ දිරීම පෙනේ. විඤ්ඤාණයාගේ ඉපදීම පෙනේ. විනාශය පෙනේ. පවත්නාහුගේ දිරීම පෙනේ.
‘ඇවැත්නි, මේ ධර්මයන්ගේ වනාහි ඉපදීම පෙනේ. විනාශය පෙනේ. පවත්නාහුගේ දිරීම පෙනෙයි කියායි. ස්වාමීනි, මෙසේ අසන ලද්දාවූ මම මෙසේ ප්‍රකාශ කරන්නෙමියි” (කීයේය.)
“ආනන්දය, යහපති, යහපති, ආනන්දය, රූපයාගේ ඉපදීම පෙනෙයි. විනාශය පෙනෙයි. පවත්නාහුගේ දිරීම පෙනෙයි. වේදනාවගේ ඉපදීම පෙනේ. විනාශය පෙනේ. පවත්නාහුගේ දිරීම පෙනේ. සංඥාවගේ ඉපදීම පෙනේ. විනාශය පෙනේ. පවත්නාහුගේ දිරීම පෙනේ. සංස්කාරයන්ගේ ඉපදීම පෙනේ. විනාශය පෙනේ. පවත්නාහුගේ දිරීම පෙනේ. සංස්කාරයන්ගේ ඉපදීම පෙනේ. විනාශය පෙනේ. පවත්නාහුගේ දිරීම පෙනේ. විඤ්ඤාණයාගේ ඉපදීම පෙනේ. විනාශය පෙනේ. පවත්නාහුගේ දිරීම පෙනේ.
“ආනන්දය, මේ ධර්මයන්ගේ වනාහි ඉපදීම පෙනෙයි. විනාශය පෙනෙයි. පවත්නහුගේ දිරීම පෙනෙයි. ආනන්දය, මෙසේ අසන ලද්දාවූ තොපි මෙසේ ප්‍රකාශ කරන්නාහුය.”
(පස්වෙනි ආනන්ද සූත්‍රය නිමි.)
පරිවර්තන [18]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyanaponika Thera (1967)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron (2010)
Português
- Michael Beisert (2004)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2017)
Magyar
- Bartha Rita (2009)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন ভিক্ষু, আদিকল্যাণ ভিক্ষু, সীবক ভিক্ষু, রাহুল ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ආනන්ද සූත්‍රය
විවරණ [1]
English