පරිවර්තන [17]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyanaponika Thera (1967)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron (2011)
Português
- Michael Beisert (2004)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2017)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন ভিক্ষু, আদিকল্যাণ ভিক্ষু, সীবক ভিক্ষু, রাহুল ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
අනිත්‍ය සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි වනාහි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක්හි හුන්නේය. එක්පසෙක්හි හුන්නාවූ ඒ භික්ෂුතෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළකෙළේය.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට කොටින් ධර්මදේශනා කරණසේක්වා. ඒ මම භාග්‍යවතුන් වහන්සේගේ යම් ධර්මයක් අසා, හුදකළාව සමූහයාගෙන් වෙන්ව, අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව, ආත්ම පරිත්‍යාගයෙන් යුක්තව වාසය කරන්නෙමි”යි කියායි.
“මහණ, යමක් අනිත්‍ය නම් එහි නුඹගේ ආශාව දුරු කටයුතුයි”
“භාග්‍යවතුන් වහන්ස, මා විසින් දැනගන්නාලදී. සුගතයන් වහන්ස, දැනගන්නා ලද්දේය”යි කීයේය.
“මහණ, නුඹ මා විසින් ප්‍රකාශකරනලද මේ දේශනාවේ අර්ථය විස්තර වශයෙන් කෙසේ දැනගත්තෙහිද?”
“ස්වාමීනි, රූපය වනාහි අනිත්‍යයි. එහි මා විසින් ආශාව දුරු කටයුතුයි. වේදනාව අනිත්‍යයි. එහි මා විසින් ආශාව දුරු කටයුතුයි. සංඥාව අනිත්‍යයි. එහි මා විසින් ආශාව දුරු කටයුතුයි. සංස්කාරයෝ අනිත්‍යහ. එහි මා විසින් ආශාව දුරු කටයුතුයි.
විඤ්ඤාණය අනිත්‍යයි. එහි මා විසින් ආශාව දුරු කටයුතුයි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ කොටින් දේශනා කරනලද මේ දේශනාවේ අර්ථය විස්තර වශයෙන් මෙසේ දනිමියි” කීයේය.
“මහණ, මැනවි, මැනවි. මහණ නුඹ වනාහි මා විසින් සැකෙවින් දේශනා කරනලද ධර්මයේ අර්ථය විස්තර වශයෙන් දැනගත් සේ මැනවි.
“මහණ, රූපය වනාහි අනිත්‍යයි. එහි නුඹගේ ආශාව දුරු කටයුතුයි. වේදනාව අනිත්‍යයි. එහි නුඹගේ ආශාව දුරු කටයුතුයි. සංඥාව අනිත්‍යයි. එහි නුඹගේ ආශාව දුරු කටයුතුයි. සංස්කාරයෝ අනිත්‍යයි. එහි නුඹගේ ආශාව දුරු කටයුතුයි. විඤ්ඤාණය අනිත්‍යයි. එහි නුඹගේ ආශාව දුරු කටයුතුයි.
“මහණ, මා විසින් කොටින් දේශනා කරනලද මේ ධර්මයේ අර්ථය මෙසේ විස්තර වශයෙන් දතයුතුයයි” වදාළේය.
ඉක්බිති භික්ෂුතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ වචනය පිළිගෙන, අනුමෝදන්ව, හුනස්නෙන් නැගිට, භාග්‍යවතුන් වහන්සේට වැඳ, ගෞරවයෙන් ගියේය. ඉක්බිති ඒ භික්ෂුතෙමේ හුදකලාව ජනයාගෙන් වෙන්ව, අප්‍රමාදව, ආත්ම පරිත්‍යාගයෙන් යුක්තව වාසය කරන්නේ නොබෝ කලකින්ම කුලපුත්‍රයෝ යම් අර්ථයක් සඳහා ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදිවෙත්ද, මාර්ගබ්‍රහ්මචර්‍ය්‍යාව අවසානකොට ඇති ඒ උතුම් අර්ථය මේ ආත්මයේදීම තෙමේ විශිෂ්ට ඥානයෙන් අවබෝධකොට ඊට පැමිණ, වාසය කෙළේය. ජාතිය ක්ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවනලදී. කළයුත්ත කරනලදී. මින්පසු කළයුත්තක් නැතැයි දැනගත්තේය. ඒ භික්ෂුතෙමේ රහතුන් අතුරෙන් එක්තරා රහත් භික්ෂුවක් වූයේය.
(හතරවෙනි අනිත්‍ය සූත්‍රය නිමි.)
පරිවර්තන [17]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyanaponika Thera (1967)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron (2011)
Português
- Michael Beisert (2004)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2017)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন ভিক্ষু, আদিকল্যাণ ভিক্ষু, সীবক ভিক্ষু, রাহুল ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
අනිත්‍ය සූත්‍රය
විවරණ [0]