පරිවර්තන [20]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Claude Le Ninan, Chandhana Le Ninan (2023)
Deutsch
- Sabbamitta (2019)
- Wilhelm Geiger (1925)
Italiano
- Enzo Alfano
Español
- Anton P. Baron (2015)
Català
- Albert Biayna Gea
Português
- Michael Beisert (2005)
Русский
- SV theravada.ru (2024)
Norsk
- Kåre A. Lie (2015)
Srpski
- Branislav Kovačević (2023)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
අප්පමාදසුත්තං
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්නේය. එකත් පසෙක හුන් පසේනදි කොසොල් රජ, ’’ස්වාමීනි, මෙලොව අභිවෘද්‍ධියද පරලොව අභිවෘද්‍ධියද යන දෙයාකාර අර්ත්‍ථසිද්‍ධියම ගෙන දෙන එක් දෙයක් ඇත්තේදැයි’’ භාග්‍යවතුන් වහන්සේගෙන් විචාළේය.
’’මහරජ, මෙලොව අභිවෘද්‍ධියද පරලොව අභිවෘද්‍ධියද යන දෙවැදෑරුම් අභිවෘද්‍ධියම ඇතිකරණ එක් දෙයක් ඇත්තේය.’’ ’’ ස්වාමීනි, මෙලොව අභිවෘද්‍ධියද පරලොව අභිවෘද්‍ධියද යන දෙවැදෑරුම් අභිවෘද්‍ධියම ඇතිකරණ එක් දෙය කිමෙක්ද?’’
’’මහරජ, අප්පමාදයයි ( එළඹසිටි සිහි ඇති බව ) නම්වූ එකම දේ මෙලොව අභිවෘද්‍ධියද පරලොව අභිවෘද්‍ධියද යන දෙයාකාර අභිවෘද්‍ධියම ගෙනදෙන එක දෙයයි. මහරජ, ඇවිදින තොයි සතුන්ගේත් පියවර හෙවත් පා සටහන් ඇත් පියවර ඇතුළතම යම්සේ පිහිටත්ද, ඒ ඇත් පියවර මහත් බැවින් ඒ හැම පියවරටම වඩා අග්‍රයයි කියනු ලැබේද, එමෙන්ම මේ අප්පමාද නම් එතම ධර්‍මය මෙලෝ පරලෝ යන දෙවැදෑරුම් අභිවෘද්‍ධියම හොඳාකාර දරාසිටී.
ආයුෂද, නීරෝගී බවද, ලක්‍ෂණද, සැපයෙන් අග්‍ර බවද, උසස් කුලයෙහි ඉපදීමද, කුදු මහත් උදාර සම්පත්තීන්ද පතන්නා විසින් පින් දහම් කිරීමෙහි නොපමාව පුරුදුකළ යුතුයයි ( බුද්‍ධාදී ) පණ්ඩිතයෝ පසසා පවසති. ( පින් දහම්හි ) නොපමාවූ නුවණැත්තෝ දෙලෝ වැඩම සිද්‍ධකරගනී. මෙලොව යම් අභිවෘද්‍ධියක් ඇද්ද, පරලොව යම් වැඩකුත් ඇද්ද මෙකී දෙවැඩම අත්කර ගන්නා බැවින් ධෘතිමත් ( ස්ථිර ) පුද්ගලයා පණ්ඩිතයායයි කියනු ලැබේ.’’
පරිවර්තන [20]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Claude Le Ninan, Chandhana Le Ninan (2023)
Deutsch
- Sabbamitta (2019)
- Wilhelm Geiger (1925)
Italiano
- Enzo Alfano
Español
- Anton P. Baron (2015)
Català
- Albert Biayna Gea
Português
- Michael Beisert (2005)
Русский
- SV theravada.ru (2024)
Norsk
- Kåre A. Lie (2015)
Srpski
- Branislav Kovačević (2023)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
අප්පමාදසුත්තං
විවරණ [2]
English
Русский