පරිවර්තන [17]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Español
- Isidatta
Русский
- o Dhamma.gift (2026)
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2018)
বাংলা
- জ্ঞানেন্দ্রিয় ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සංයොජන සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ‘සවාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
’’මහණෙනි, සංයෝජනයන්ට හිතවූ ධර්‍මයන්ද, සංයෝජනයද දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, සංයෝජනයන්ට හිතවූ ධර්‍මයෝ කවරහුද, සංයෝජනය කවරේද?
’’මහණෙනි, ඇස සංයෝජනයන්ට හිතවූ ධර්‍මය වේ. එහි යම් ඇලීමක්වේද, එය එහි සංයෝජනය වේ. කණ සංයෝජනයන්ට හිතවූ ධර්‍මය වේ. එහි යම් ඇලීමක්වේද, එය එහි සංයෝජනය වේ. නාසය සංයෝජනයන්ට හිතවූ ධර්‍මය වේ. එහි යම් ඇලීමක්වේද, එය එහි සංයෝජනය වේ. දිව සංයෝජනයන්ට හිතවූ ධර්‍මය වේ. එහි යම් ඇලීමක්වේද, එය එහි සංයෝජනය වේ. කය සංයෝජනයන්ට හිතවූ ධර්‍මය වේ. එහි යම් ඇලීමක්වේද, එය එහි සංයෝජනය වේ. සිත සංයෝජනයන්ට හිතවූ ධර්‍මය වේ. එහි යම් ඇලීමක්වේද, එය එහි සංයෝජනය වේ. මහණෙනි, මොහු සංයෝජනයන්ට හිතවූ ධර්‍මයෝයයිද මෙය සංයෝජනයයිද කියනුලැබෙත්යයි, (වදාළේය.)
පරිවර්තන [17]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Español
- Isidatta
Русский
- o Dhamma.gift (2026)
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2018)
বাংলা
- জ্ঞানেন্দ্রিয় ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සංයොජන සූත්‍රය
විවරණ [1]
English