පරිවර්තන [19]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Italiano
- Enzo Alfano (1999)
Español
- Anton P. Baron (2014)
Português
- Michael Beisert (2005)
Русский
- SV theravada.ru (2012)
- Панньяваро бхиккху (2012)
Norsk
- Kåre A. Lie (2018)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
මහා කස්සපත්ථෙර බොජ්ඣංග සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්දකනිවාපනම්වූ වෙළුවනාරාමයෙහි වැඩවාසය කරනසේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් මහා කස්සප ස්ථවිරයන් වහන්සේ ලෙඩින් පෙළුනේ, දුකට පැමිණියේ දැඩි ගිලන්වූයේ පිප්ඵලි ගුහාවෙහි වැඩ වාසය කරන්නාහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි විවේක සැපයෙන් නැගී සිටියේ ආයුෂ්මත් මහා කස්සප ස්ථවිරයන් වහන්සේ යම් තැනකද එතැන්හි පැමිණිසේක. පැමිණ පනවනලද අස්නෙහි වැඩහුන්හ. හිඳ වනාහි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් මහාකස්සප ස්ථවිරයන් වහන්සේට මේ කාරණය වදාළසේක.
“කිමෙක්ද? කස්සප ඔබට ඉවසිය හැකිද? කිම යැපිය හැකිද? (ශරීරය පවත්වන්ට හැකිද?) කිම දුක් වේදනාවෝ පිරිහෙත්ද? අඩුවෙත්ද? කිම දියුණු නොවෙත්ද? ඒ දුක් වේදනාවන්ගේ කෙළවරක් නොපෙනෙත්දැයි (විචාළ සේක) ස්වාමීනි, මට ඉවසිය නොහැකිය, සතර ඉරියව්වෙහි සිරුර පැවැත්විය නොහැකිය. මාගේ දුක් වේදනාවෝ බලවත්හ, වැඩෙන්නාහ. දුක්වෙදනාවන්ගේ වැඩීම පෙනෙයි. අඩුවක් නොපෙනෙයි’ යයි (පිළිතුරු දුන්හ.)
“කාශ්‍යපය, මා විසින් මොනවට ප්‍රකාශකරන ලද, වඩනලද, බහුල වශයෙන් කරනලද, මේ සත්වැදෑරුම් බොධ්‍යංග ධර්මයෝ මා විසින් චතුස්සත්‍ය අවබොධය පිණිස, නිවන් පිණිස පවතිත්. ඒ සප්තබොධ්‍යංගයෝ කවරහුදයත්? කාශ්‍යපය, මා විසින් මොනවට කියනලද, වඩනලද, බහුල කරනලද සති සම්බොජ්ඣංගය චතුස්සත්‍යයන් දැනගැනීම පිණිසද, චතුස්සත්‍යයන් අවබොධය පිණිසද, නිවන් පිණිසද, පවතියි. කාශ්‍යපය, මා විසින් මොනවට කියන ලද, ධර්මවිචය සම්බොජ්ඣංගය (එය) චතුස්සත්‍යයන් දැනීම පිණිසද, අවබොධය පිණිසද, නිවන් පිණිසද, පවතියි. කාශ්‍යපය, මා විසින් මොනවට කියන ලද. වඩනලද, බහුල කරනලද, විරිය සම්බොජ්ඣංගය සතර චතුස්සත්‍යයන් දැනගැනීම පිණිසද, අවබොධ පිණිසද, නිවන් පිණිසද පවතියි කාශ්‍යපය, මා විසින් මොනවට කියනලද වඩනලද, බහුල කරනලද, පීති සම්බොජ්ඣංගය, චතුස්සත්‍යය දැනගැනීම පිණිසද අවබොධය පිණිසද නිවන් පිණිසද පවතියි. කාශ්‍යපය මා විසින් මොනවට කියනලද, වඩනලද, බහුල වශයෙන් කරනලද, පස්සද්ධි සම්බොජ්ඣංගය චතුස්සත්‍ය දැනගැනීම පිණිසද, අවබොධය පිණිසද, නිවන් පිණිසද පවතියි. කාශ්‍යපය, මා විසින් මොනවට කියනලද, වඩනලද, බහුල කරනලද, සමාධි සම්බොජ්ඣංගය, චතුස්සත්‍යයන් දැනගැනීම පිණිසද, අවබොධය පිණිසද, නිවන් පිණිසද, පවතියි. කාශ්‍යපය, මා විසින් මොනවට කියනලද, වඩනලද, බහුල කරනලද, උපෙක්ඛා සම්බොජ්ඣංගය, චතුස්සත්‍යයන් දැනගැනීම පිණිසද, අවබොධය පිණිසද, නිවන් පිණිසද පවතියි. කාශ්‍යපය, මේ මා විසින් මොනවට කියනලද, වඩනලද, බහුල කරනලද සප්ත බෝධ්‍යංගයෝ චතුස්සත්‍යයන් දැනගැනීම පිණිසද, අවබොධය පිණිසද, නිවන් පිණිසද, පවතිත් යයි” (වදාළසේක).
“භාග්‍යවතුන් වහන්ස, බොධ්‍යංග ධර්මයෝ මැනව, සුගතයන් වහන්ස, බොධ්‍යංග ධර්මයෝ ඒකාන්තයෙන් මැනවැයි’ මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ දැන්වූහ.) භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය වදාළසේක. සතුටුවූ ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාවට සතුටුවූහ. ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ඒ රෝගයෙන් නැගීසිටියහ. ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේගේ ඒ ආබාධය (යම්සේ නූපදීද) එසේ පහව ගියේය.
පරිවර්තන [19]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Italiano
- Enzo Alfano (1999)
Español
- Anton P. Baron (2014)
Português
- Michael Beisert (2005)
Русский
- SV theravada.ru (2012)
- Панньяваро бхиккху (2012)
Norsk
- Kåre A. Lie (2018)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
මහා කස්සපත්ථෙර බොජ්ඣංග සූත්‍රය
විවරණ [1]
English