පරිවර්තන [20]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- buddha-vacana.org
- Rémy Zins (2022)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Português
- Michael Beisert (2005)
Русский
- o Dhamma.gift (2026)
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2019)
Polski
- Piotr Marcinów (2023)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
තිරච්ඡාන කථා සූත්‍රය
“මහණෙනි, සග මොක් දෙකට බාධා කරන (තිරච්ඡාන කථා) කථා නොකරව්. ඒ කවරහුද? රජුන් පිළිබඳ කථාය, සොරුන් පිළිබඳ කථාය, ඇමතියන් පිළිබඳ කථාය, සේනා පිළිබඳ කථාය, භය පිළිබඳ කථාය, යුද පිළිබඳ කථාය, ආහාර පිළිබඳ කථාය, පානවර්ග පිළිබඳ කථාය, වස්ත්‍ර පිළිබඳ කථාය, යහන් පිළිබඳ කථාය, මල්දම් පිළිබඳ කථාය, සුවඳ පිළිබඳ කථාය, ඤාතීන් පිළිබඳ කථාය, යානා පිළිබඳ කථාය, ගම් පිළිබඳ කථාය, නියම්ගම් පිළිබඳ කථාය, නගර පිළිබඳ කථාය, දනව් පිළිබඳ කථාය, ස්ත්‍රීන් පිළිබඳ කථාය, සූරයන් පිළිබඳ කථාය, වීථින් පිළිබඳ කථාය, පැන්තොටවල් පිළිබඳ කථාය, පෙර මියගිය නෑයන් පිළිබඳ කථාය, මෙයින් අන්‍යවූ නොයෙක් නිරර්ථක කථාය, ලොව අගමුල පිළිබඳ කථාය, සමුද්‍ර පිළිබඳ කථාය, දියුණුව මෙසේ වෙයි, පිරිහීම මෙසේ වෙයි යනුවෙන් කරන තීර්ථක කථාය යන මොහුයි. ඊට හේතු කවරේද?
“මේ කථා අර්ථය පිණිස පවත්නේ නොවෙයි. ආදි බ්‍රහ්මචර්‍ය්‍යාවට මුල්වූයේ නොවෙයි. කලකිරීම පිණිස නොඇලීම පිණිස, නිරොධය පිණිස සංසිඳීම පිණිස විශෙෂයෙන් දැනීම පිණිස, මනා අවබොධය පිණිස නිවන් පිණිස නොපවතියි.
“මහණෙනි, තෙපි කථාකරන්නහු නම් මේ දුකයයි කථා කරව්, මේ දුක්ඛ සමුදයයි කථා කරව්, මේ දුක්ඛ නිරොධ යයි
කථා කරව්, මේ දුක්ඛ නිරොධ ගාමිනී පටිපදායයි කථා කරව්. ඊට හේතු කවරේද?
“මහණෙනි, මේ කථාව අර්ථය පිණිස පවත්නේ වෙයි. මාර්ගබ්‍රහ්මචර්‍ය්‍යාවට මුල් වූයේ වෙයි. කලකිරීම පිණිස නොඇල්ම පිණිස, නිරොධය පිණිස, සංසිඳීම පිණිස, විශෙෂ නුවණින් දැනීම පිණිස, මනා අවබොධය පිණිස, නිවන් පිණිස පවතී
‘මහණෙනි, එහෙයින් මේ දුකයයි දැනගැනීම පිණිස උත්සාහ කටයුතුයි, මේ දුක් ඉපදීමේ හේතුවයයි දැනගැනීම පිණිස උත්සාහ කටයුතුයි, මේ දුක්ඛ නිරොධයයි දැනගැනීම පිණිස උත්සාහ කටයුතුයි, මේ දුක් නැතිකිරීමේ පිළිවෙතයයි දැනගැනීම පිණිස උත්සාහ කටයුතුයයි” වදාළසේක.
පළමුවන සමාධි වර්ගය නිමි
පරිවර්තන [20]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- buddha-vacana.org
- Rémy Zins (2022)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Português
- Michael Beisert (2005)
Русский
- o Dhamma.gift (2026)
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2019)
Polski
- Piotr Marcinów (2023)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
තිරච්ඡාන කථා සූත්‍රය
විවරණ [1]
English