පරිවර්තන [17]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Sabbamitta (2019)
- Wilhelm Geiger (1925)
Español
- Anton P. Baron (2011)
Català
- Albert Biayna Gea
Русский
- SV theravada.ru (2013)
Norsk
- Kåre A. Lie (2016)
Srpski
- Branislav Kovačević (2023)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
මොග්ගල්ලාන සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ඉසිගිලි පර්‍වත පාර්ශ්වයෙහි කාළසිලාරාමයෙහි සියලුදෙනම රහත්වූ භික්‍ෂූන් පන්සියයක් පමණවූ මහත් භික්‍ෂු සඞඝයා සමග වසන සේක. ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම තම සිකින් විශේෂයෙන් මිදුනු, කෙලෙස් රහිත ඔවුන්ගේ සිත් සොයයි. ( ප්‍රත්‍යවේක්‍ෂා කරයි. )
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරයන්ට මෙබඳු අදහසෙක් විය: ’’මේ භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ඉසිගිලි පර්‍වත පාර්ශ්වයෙහි කාළසිලායෙහි සියලුදෙනම රහත්වූ භික්‍ෂූන් පන්සියයක් පමණවූ මහත් භික්‍ෂු සඞඝයා සමග වසනසේක. එහි වනාහි මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම තම සිකින් ඔවුන්ගේ විශේෂයෙන් මිදුනු, කෙලෙස් රහිත සිත් සොයයි. මම ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් භාග්‍යවතුන් වහන්සේ හමුයෙහිදී සුදුසු ගාථායෙන් ප්‍රශංසා කරන්නෙම් නම් මැනව’’
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරතෙම අස්නෙන් නැගිට සිව්ර ඒකාංශකොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ ( වැඳ ) මෙසේ කීය: ’’භාග්‍යවතුන් වහන්ස, මට ( අදහසක් ) වැටහෙයි. සුගතයන් වහන්ස, මට (අදහසක් ) වැටහෙයි.’’
’’වඞ්ගීසය, තට ඒ වැටහේවා’’ යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරතෙම, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහිදී සුදුසු ගාථායෙන් ප්‍රශංසා කෙළේය.
’’ත්‍රිවිද්‍යාවත්වූ, ( කෙලෙස් ) මරු නසා සිටි, ( බුද්ධ ) ශ්‍රාවකයෝ පර්‍වත පාර්ශ්වයෙහි වැඩහුන්, දුක් කෙළවරට පැමිණි, සම්බුදු මුනිහු ආශ්‍රය කෙරෙත්.
’’මහත් ඎධි ඇති මොග්ගල්ලාන ස්ථවිරතෙම ඒ ශ්‍රාවකයන්ගේ සිත් මිදුනේද කෙලෙස් රහිතදැයි සොයමින් සිතින් ඒ ශ්‍රාවකයන් පසුපස්සේ යෙයි.
’’මෙසේ ( ඒ ශ්‍රාවකයෝද මුගලන් තෙරහුද ) සියලු ගුණාඞ්ගයෙන් යුක්තවු දුකින් මිදී පරතෙරට ගියාවූ, අනේක ගුණයන්ගෙන් යුක්තවූ මුනිතුමන් ආශ්‍රය කෙරෙත්.’’
පරිවර්තන [17]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Sabbamitta (2019)
- Wilhelm Geiger (1925)
Español
- Anton P. Baron (2011)
Català
- Albert Biayna Gea
Русский
- SV theravada.ru (2013)
Norsk
- Kåre A. Lie (2016)
Srpski
- Branislav Kovačević (2023)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
මොග්ගල්ලාන සූත්‍රය
විවරණ [1]
English